Image

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි අභිෂේකා ලක් මව රනින් සරසයි

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි අභිෂේකා ලක් මව රනින් සරසයි

හොංකො හි පැවැත්වෙන 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1,500 බාලිකා ධාවන තරගයේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් විය.

එම ඉසව්වේ දී ඇය විසින් වාර්තා කර ඇති කාලය මිනිත්තු 04යි තත්පර 31යි දශම 4යි එකකි.

එම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාව විසින් හිමිකරගෙන ඇති අතර ලෝකඩ පදක්කම හිමිකරගෙන ඇත්තේ කොරියානු ක්‍රීඩිකාවකි.

මේ අතර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 3000 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක විදූෂාන් රාජේන්ද්‍රන්ට එම ඉසව්වේ 6 වන ස්ථානය හිමිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න