ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව ආ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂිකා ෂැනන් කවුලින් (Ms Shannon Cowlin) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැතිවිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය හිමි වන බව මෙහි දී යළි තහවුරු කළ ෂැනන් කවුලින් අධ්‍යක්ෂවරිය, වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යෑම සිය අභිලාෂය බව ද සඳහන් කළා ය.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ ආයතනික සම්බන්ධීකරණයේ ඵලදායිතාවද ඇයගේ ඇගයීමට ලක් විය. දිට්වා සුළි කුණාටුව හමුවේ යළි ගොඩනැගීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ මෙහි දී පැහැදිලි කරමින්, මේ වන විට ළඟා කරගෙන ඇති ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ විශේෂයෙන්ම අවදානමට ලක් විය හැකි ප්‍රදේශවල ජනතාව වෙත ප්‍රායෝගිකව ලැබීමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

මධ්‍යම කඳුකරය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහි දී අවධාරණය කරමින් එම අභියෝගය ජය ගැනීම සඳහා සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කිරීම කෘතවේදීව අගය කිරීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

ADB 02

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න