ස්වාභාවික ආපදාවකින් අතුරුදන් වන තැනැත්තන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට ඒ සඳහා බලපැවැත්වෙන නීතිය අනුව අතුරුදන් වූ දින සිට වසරක කාලයක් බලා සිටීමට සිදු වන බව පැවසේ.
මෙවර ඇති වූ ගංවතුර ආපදාව හේතුවෙන් අතුරුදන් වූ අය සඳහා මරණ සහතික ලබා ගැනීම වෙනුවෙන් අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා වෙත අයැදුම්පත් ඉදිරිපත් කිරීමට වසරක කාලයක් බලා සිටීමට සිදු වන බව ද එබැවින් නව පනතක් සම්මත කර එම කාලය අඩු කළ යුතු බව ද නීතීඥ කණිෂ්ක විතාරණ පවසයි.
2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිධාන) පනතේ විධිවිධාන අනුව අතුරුදන් වූ තැනැත්තකුගේ ළඟම ඥාතියකුට හෝ ළඟම ඥාතියකු ජීවත්ව නොසිටින්නේ නම් අතුරුදන් වූ පුද්ගලයා ගැන දැනීමක් ඇති කෙනකුට ඒ වෙනුවෙන් අයැදුම් කළ හැක.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
