ආපදාවට පත් කර්මාන්ත ගැන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

ආපදාවට පත් කර්මාන්ත ගැන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

‘දිට්වා’ සුලි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙයි.

ඒ අනුව ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට “0712666660”‌ යන දුරකථන අංකය හඳුන්වා දී අුැති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටියි

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදු කළ හැක.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකිය.

තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව, ඔබේ කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා අදාළ සහාය ලබා දීමටත් සම්බන්ධීකරණය කරගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

එමෙන්ම ජාතික ආර්ථිකය ඉහළ නැංවීමටත්, කර්මාන්ත ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමටත් ඒකාබද්ධව, සාමූහිකව කටයුතු කරන ලෙසත් සියලු කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් ද කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න