ජනාධිපති ලේකම් කාර්යායේ සේවකයෙකු ලෙස රාජ්ය සේවයට බැඳී හිටපු අධ්යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ගේ ඉන්ධන පිරවුම්හලේ සේවය කළ බව කියන සේවකයෙකු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් නුවන් කෞශල්ය අද (12) නියෝග කළා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරිිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(18) නියෝග කළේ ය.
දැඩිසත්කාර ඒකක තුළ උග්ර වකුගඩු ආබාධ තත්ත්වය පත්ව (acute kidney injury -AKI) ප්රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙන අඛණ්ඩ වකුගඩු ප්රතිස්ථාපන චිකිත්සාව (Continuous Renal Replacement Therapy - CRRT ) සම්බන්ධව මෙරට සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක සමාරම්භය පසුගියදා කොළඹ ජාතික රෝහල් ශ්රවණාගාරයේ දී සිදු කෙරිණ.
අග්රාමාත්ය හරිනි අමරසූරිය කොළඹ පිහිටි හෝටලේකට (උත්සවයක් සඳහා) පැමිණෙන අවස්ථාවේ දුරදක්නයකින් (බයිනෝ එකක්) නිරීක්ෂණය කළ පුද්ගලයන් තිදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුවිය.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ වැඩබලන අගවිනිසුරු ලෙස පත්කර ඇත.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්රාම වයස ස්ථිර වශයෙන් ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි වාර්තා වෙයි.
විසි දෙවැනි (22) ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන තීරණාත්මක නඩු විභාගයේ දී පූජ්ය බලංගොඩ කස්සප හිමියෝ සිය කරුණු දැක්වීමේදී බුද්ධ ධර්මය පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු දෙමින් තමන් තීරණ ගනු ලබන්නේ නීතිය පදනම් කරගෙන මිස බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගෙන නොවන බව අග්රවිනිශ්චකාරතුමා පැවසීම බුද්ධ ධර්මය නොසලකා හැරීමක් වනවා සේ ම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තියට සහ අධිකරණ තීන්දු මගින් ඊට දී ඇති අධිකාරී තීන්දුවලට පරස්පර යැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී ඒල්. පීරිස් සඳහන් කරයි.
ශ්රී ලංකා අග්නිදිග විශ්වවිද්යාලයේ 18වන සම්මාන පදවි ප්රදානෝත්සවය ඔලුවිල්හි පිහිටි ප්රධාන විශ්වවිද්යාල පීඨ ශ්රවණාගාරයේදී අද (25) උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
අග්බෝ ඇතා සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කළ බව පරිසර අමාත්යාංශය පවසයි.
භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 අගෝස්තු 31 දින භූතානයේ පාරෝ ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවා ය.
අග්රාමාත්ය සහ අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සහ විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මාර්තු දෙවන දා අධ්යාපන අමාත්යාංශයේ දී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර හමුවක් පැවතුණි. එහි දී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් විසින් අධ්යාපනය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ව්යාපෘතිය (HRDEP) පිළිබඳව අග්රාමාත්යවරිය දැනුවත් කරන ලදී.
මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්යායතනයට (National Institute of Infectious Diseases - NIID) ලෝක සෞඛ්ය සංවිධානය විසින් සුවිශේෂී පිළිගැනීමක් ලබාදී ඇත. ඒ අනුව ජාතික බෝවන රෝග විද්යායතනය ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ සහයෝගිතා මධ්යස්ථානය ලෙස ලෝක සෞඛ්ය සංවිධානය විසින් නම් කර ඇත.
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ මෙහෙයවීමෙන් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්රො ට්රාන්සිට් සමාගම සදහා නව බස් රථ 104ක් ආනයනය කිරීමට අදාළව ගිවිසුම් ගතවීම බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ දී අද (18) සිදුකෙරිණ.
මෑත ඉතිහාසය තුළ මේ රටේ සිදුවූ දැවැන්තතම හොරකම හා වංචාව වන ගල්අඟුරු මගඩිය සම්බන්ධයෙන් මීළඟ ආණ්ඩුවක් යටතේ අදාළ නියම විමර්ශනය සිද්ධ වන බවත්, එදාට මේ පැමිණිල්ල අධිකරණයට යන බවත් එහිදී සිදුවන්නේ අඟුරු කුමාරලාට හා බාල කුමාරලාට රටට කළ විපත සම්බන්ධයෙන් හිරේ විලංගුවේ ලගින්නට මිසක් වෙන දෙයක් නොවන බවත් අපි සක්සුදක් සේ දන්නා බව විමල් වීරවංශ පැවසී ය.
බුදුන්වහන්සේටත් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්රස්තුත කරගත් නවකතා පොත් දෙකක් සිංහල සහ ඉංග්රීසි භාෂාවලින් ප්රකාශනයට පත්ව තිබේ. සිංහල නවකතාව “පරපුරක ජීවක” නම් වන අතර “Buddha’s Physician” එහි ඉංග්රීසි නවකතාවයි.
තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව 2021 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින අගවිනිසුරු පද්මන් සූරසේන මහතා ඉදිරියේදී විභාග කරන ලද අතර, එම පෙත්සම ගරු ශ්රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට අවසර නොදීම නිෂ්ප්රභා කරන ලදී.
බාල වයස්කාර දැරියකට අතවරයක් කර ඇති බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබුණ ද, කොළඹ පුද්ගලික රෝහලක ප්රතිකාර ලබන පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරිය ගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න නිට්ටඹුව පොලිසියට අද (08) නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

