‘වෘත්ත චතුරස්‍රය’ යනු සමපේක්ෂණ ප්‍රබන්ධ ක්ෂේත්රය තුළට සිදු කරන ගමනකි.
ඓතිහාසික සිදුවීම් වෙනස් ලෙස දිග හැරිය හැකි බැවින් ඒවා ප්‍රතිනිර්මාණය කර වෙනස් ගෙත්තමක් කිරීමේ උත්සහයක් ලෙස වුව ද මෙය දැක්විය හැකි ය. ඒ අර්ථයෙන් මෙය POLITICAL THRILLER ගණයෙහි ලා ගැනිය හැකි, පරිකල්පනය යථාර්ථය සමග මුසු කරන විකල්ප ඉදිරි දර්ශනයක් ලෙස හැඳින්වීමේ වරදක් ද නැත.
රටේ මේ වනවිට උද්ගත වී තිබෙන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනය හුදෙක් කළමනාකරණ අර්බූදයක් නොව, දශක හතක් තිස්සේ අපව සිරකර තබාගෙන සිටින "පැරණි යථාර්ථයේ" (Old Reality) නිදන්ගත රෝග ලක්ෂණ සහ ජනප්‍රියවාදී දේශපාලනය විසින් එකී නිදන්ගත රෝග ලක්ෂණ උග්‍ර කරන ලද ව්‍යූහාත්මක බිඳවැටීමක ප්‍රතිඵලයක් බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.
සානුකම්පිත ලෙස අපේ රටේ සුභසාධන කටයුතු පිළිබඳ හොයා බලා ඒ සඳහා විශේෂ උනන්දුවක්, අවධානයක් දැක්වීම සඳහා යුතුකමක් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන් බව හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් පැවසී ය.
'අපිට කෝටි ගනනක මුදල් තිබෙනවා යැයි ජනාධිපති පැවසුව ද තමන් ගෙවන බද්දට සරිලන ආයෝජනයක් රටෙහි සිදු නොවන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් බරපතල වෙනස්කම්වලින් රටේ අනාගත පරපුර "පරීක්ෂණාගාර මීයන්" බවට පත් නොකරන්නැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
එදා නාමල් ගේ ලැම්බෝගිනි 19ක් බානවා දුටු කෙනාගෙ ම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14ක් ගොඩබා ඇති බවත්, පොහොට්ටු ආණ්ඩුවක් නොමැත්තේ හොඳ වෙලාවට බවත් එසේ තිබුණේ නම් ඒ ලැම්බෝගිනි 14 ද නාමල් ගේ යැයි පවසනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අපේ ඇතැම් අය ලාංකික, සිංහල, බෞද්ධ යැයි පවසා ගත්ත ද මේ බොහෝ සදාචාරාත්මක සිරිත් අපට ලැබී ඇත්තේ බටහිරින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ගේ තුන් අවුරුදු නිල කාලය ලබන සතියේ අවසන් වන බවත්, ජනාධිපතිවරයා විගණකාධිපතිවරයකු පත් නොකර කල් මරන්නේ ජනවාරි මාසය උදා වන තුරුයි බවත් 2025 ජූලි 14 දින මාධ්‍ය හමුවක් පවත්වමින් තම පක්ෂය හෙළිදරව් කළා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් නිකුත් වූ දැඩි අනතුරු ඇඟවීමක් හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන කතාන්දරය මෙම සතියේදී දැඩි අභියෝගයකට ලක් විය. ඔහු පෙන්වා දුන්නේ රට අඛණ්ඩව අභ්‍යන්තරය දෙස පමණක් බලමින් කටයුතු කරන්නේ නම් සෞභාග්‍යය ළඟා කර ගැනීම දුෂ්කර වනු ඇති බවයි.
චීනය විසින් දියත් කරන ලද නියමුවන් රහිත රහසිගත ගගන යානයක් ඉකුත් ජුනි මස ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් ගේ දැඩි නිරීක්ෂණයට බඳුන් විය. එම අභ්‍යවකාශ යානයෙන්, පෘථිවියේ සිට සැතපුම් සිය ගණනක් ඉහළ වූ, සිවිල් සහ හමුදා චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවකින් යුත් කක්ෂීය කලාපයකට කුඩා චන්ද්‍රිකාවක් මුදා හැර ඇත. අනතුරුව, එය තවත් චීන චන්ද්‍රිකාවක් වටා කක්ෂගත ව ගමන් කර, යළි මව් යානය හා එක් ව යැයි ඇමෙරිකානු අභ්‍යවකාශ නිරීක්ෂණ සමාගමක් වන ලියෝ ලැබ්ස් (LeoLabs) පවස යි.
පිළිගත් දේශපාලන පක්ෂයක් වන නව අභිනව නිවහල් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ කැස්බෑව දිසා අධිකරණය, පැමිණිලිකරු ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කළේ ය.
ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය පිහිටි ගොඩනැගිල්ල තුළ හේවුඩ් කලා කෞතුකාගාරය නමින් අභිනවයෙන් පිහිටුවා ඇති කෞතුකාගාරය සහ එය නිමිති කර ගනිමින් නොබෝදා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කරන ලද Heywood Art Museum යන ග්‍රන්ථය මුළුමනින්ම ප්‍රෝඩාවක් මෙන් ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය සම්ප්රදාය සහ රාජ්‍ය දේපළ අවභාවිතාවක් බවට සාක්ෂි සහිතව මාධ්‍ය වෙත හෙළිදරව් කිරීම මූලික කරගනිමින් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් ජූලි 18වන දා සවස 01.00 බෙරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යන යන සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක් බැගින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය දැඩිව අවධානය යොමු කර සිටින බව එම සංවිධානය සඳහන් කරයි.
අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙන බවත්, නීතිය නමා තර්ජනය කර ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ආකාරයට කටඋත්තර ලියාගන්නට උත්සාහ කරමින් ආණ්ඩුවේ වුවමනාව ඉෂ්ට නොකළේ නම් ඔවුන්ට මරණ තර්ජනය පවා කරනකරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ලංකාවෙ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු සුවිශේෂම සිනමා කෘතිය තාම නැරඹුවේ නැද්ද?
මේ කෘතිය කාරණා කීපයක් නිසා සුවිශේෂ වෙනවා. එකක්, ලංකාවෙ අබිසරුලියන් ගැන හැදුණු ප්‍රථම චිත්‍රපටිය වෙන්නෙ මේක. නීතිය සමාජය විසින් අපවාදයට අපහරණයට බඳුන් කරන ඒ කාන්තාවන් ගැන නිර්මාණය වුණු පළමු සිනමා කෘතිය කියලා කියන්න පුළුවන්.
අනික, I Phone 15 pro කැමරාවකින් රූගත කරලා සිනමා ශාලාවකට එන පළමු චිත්‍රපටියත් මේක. ඒ කියන්නෙ ලංකාවෙ සිනමාව ගැන උනන්දු සෑම කෙනෙක් ම අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටියක් මේක. සිනමාව පුනරුදය ලබනවා කියන්නෙ ම: උපකරණ පෑන් පැන්සල් ගානට සුලබ වෙන්න ඕන.
ගුණදාස අමරසේකර සිය සාහිත්‍යකරණයේ දී තමන්ගේ ප්රවාදයට ගැළපෙන චරිත නිර්මාණය නොකළ බවත්, ඔහු නිරන්තරයෙන් කළේ එම චරිත හරහා ද තමන්ගේ ප්‍රවාදය කෙතරම් දුරට නිවැරැදි ද යන්න ප්‍රශ්න කර ගැනීම යැයි ගෙවිදු කුමාරතුංග පැවසී ය.
අම්බලන්ගොඩ වෙළෙඳ ප්රදර්ශනාගාර කළමනාකරුගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසක රැඳීසිටිමින් ඝාතනය සැලසුම්කර මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
තිස්ස -මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේ ඊයේ (25) පස්වරු 7.15ට පමණ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි දෙකේ ගමන් ගත් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

