දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංවතුර, නායයාම්වලින් අතුරුදන් පුද්ගලයන් සංඛ්‍යාව 350ක් බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරු 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වැඩිම මරණ ගණන වන 118 වාර්තාවන්නේ මහනුවරිනි.
ඉන්පසුව වැඩිම මරණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 89ක්.
තවත් මරණ 83ක් බදුල්ලෙන් වාර්තා වනවා. කුරුණෑගලින් වාර්තාවන මරණ සංඛ්‍යාව 56ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද මරණ 5ක් වාර්තා වී තිබිණ.
රට පුරා සියලුම දිස්ත්‍රික්වල පවුල් 455,405කට අයත් ලක්ෂ 16කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.
සුරක්ෂිත ස්ථාන 1347ක පවුල් 51765කට අයත් පුද්ගලයන් 188974 දෙනෙක් රඳවා සහන සලසන බවයි එම වාර්තාවේ දැක්වේ.
ආපදාවෙන් මේ වනවිට නිවාස සහ ගොඩනැගිලි 1500කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇත.

