ආපදා විපතටපත් පාර්ශ්වයන්ට නීති සහාය ලබාදීමට Free Lawyers සංවිධානය එයි

ආපදා විපතටපත් පාර්ශ්වයන්ට නීති සහාය ලබාදීමට Free Lawyers සංවිධානය එයි

ආපදා හේතුවෙන් විපතට පත් පාර්ශ්වයන්ට නොමිලේ නීති සහාය ලබාදීම සහ හදිසි නීතිය මර්දනකාරී ලෙස සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය එරෙහිව යොදාගැනීම වැළැක්වීම ඇතුළු කාර්යයන් ඉටුකිරීමේ අරමුණින් “Free Lawyers” සංවිධානය 2025 දෙසැම්බර් 05 වැනිදා කොළඹදී ආරම්භ කෙරිණි.

“යුක්තිය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීම පහසු කාර්යයක් නොවේ - එහෙත් එය අත්‍යවශ්‍ය වගකීමකි. නීතිඥයින් ලෙස අප සතුව ඇත්තේ නීතිමය තර්කයට වඩා බොහෝ උසස් කැඳවීමකි. අපි හඬ නැති අයට හඬක් වෙමු, අවදානමට ලක්විය හැකි අයට ශක්තියක් වෙමු, සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන්නන් වෙමු.” යනුවෙන් සංවිධානයේ ආරම්භක රැස්වීමේදී ප්‍රකාශ කෙරිණි.

ආරම්භක රැස්වීමට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ අතුල ද සිල්වා, නීතිඥ ගුණරත්න වන්නිනායක, නීතිඥ මර්වින් ද සිල්වා, නීතිඥ දිනේෂ් විදානපතිරණ, නීතිඥ පියල් දර්ශන ගුරුගේ ඇතුළු නීතිඥයින් 50කට අධික පිරිසක් සහභාගී වූහ.

සංවිධානය මේ වන විටත් පහත ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත:

* ආපදා හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන්ට නොමිලේ නීති සහාය ලබාදීම

* හදිසි නීතිය මර්ධනකාරී ලෙස සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය එරෙහිව යොදාගැනීම වැළැක්වීම

* නීතිඥ ප්‍රජාව හා නීති වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සමාජ දැනුවත්කම ඇති කිරීම

Free Lawyers සංවිධානය
සම්බන්ධීකරණය : ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න 0777 900 000

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න