මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත්, ඊයේ රෑ වනවිට මරණ 26ක් වාර්තා වී ඇති අතර ඒ 26න් හතක් ම රජයේ නිලධාරීන්: එනම්, බන්ධනාගාරයේ නියාමක නිලධාරීන් යැයි මහාචාර්ය ජී එල්. පීරිස් පැවසී ය.
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර ඇති බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළා ය.
මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව 'දිනන දකුණ' බලවත් කනස්සල්ල පළ කරන අතර ම ජීවිත අහිමි වූවන් ගේ පවුල්වලට එම සමූහයේ ශෝකය පළ කර ඇත. ඒමෙන් ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන්: ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
බන්ධනාගාර නිලධාරීන් ගේ ඝාතන පිළිබඳව කම්පාවෙන අතරේ ම සිරකරුවන් ගේ භාරකාරීත්වයේ වගවීම පවතින රජයක් අතින් සිරකරුවන් ගේ ජීවිත අහිමි කිරීමට එරෙහිව දිනන දකුණ සාමූහිකය වර්තමාන රජයට දෝෂාරෝපණය කරයි.
නිලධාරීන් අට දෙනකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙසියයකට ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” ලබන 12 දා පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මෙරට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත තුළින් සහ නිසි කළමණාකරණයක් තුළින් උපරිම ධාරිතාවෙන් ප්‍රයෝජන සහ සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
දැනට අඩපණවී ඇති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව (SAARC Summit) නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව නිර්මාණාත්මකව සහ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ප්‍රකාශ කළේ ය.
ඩොලර් මිලියන 2.5 ක් තෙවන පාර්ශවය අතට පත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහා ඉල්ලා අස්විය යුතු බව ‘ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.
අධිකරණය හමුවේ ඇප අත්සන් කිරීම සඳහා ඉන්දීය ජාතිකයකු ගෙන් මුදල් ලබාගෙන, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ කොළඹ සාංචි ආරච්චිවත්තේ පුද්ගලයින් දෙදෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (19) වසර දෙකක(2) බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි සංශෝධන සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර තිබේ.
අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් නීතිවිරෝධී ආකාරයෙන් බැංකු ගිණුම්වල මුදල් ගිණුම්ගත කර, එම මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වැඩ තහනම් කරන ලද උපපොලිස් පරීක්ෂකවරයෙකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
21 වන දින නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රිඩාංගනයේ පැවැති මහා ජන හඩ රැළිය සඳහා පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සපැමිණි පිරිස ඉස්ලාම් ආගමික වතාවත් හි පිහිටවනු ලැබු සිරාජුඩින් නිබ්රාස් මුහම්මදු මවුලවිතුමන් හට එම රැස්වීමෙන් අනතුරුව එල්ල වු මරණීය තර්ජන පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත ලිපියක් බාර දෙන ලදී.
අපි අහපු, දැනුත් අහන සිංදු ඒ ඒ ගායක ගායිකාවො ගයන්නෙ තමතමන්ගෙ කටින්. ඒ ඒ ඔරිජිනල් ගායක ගායිකාවන්ට වෙන්වූ කටහඬ පෞරුෂයක් තියෙනවා. කටහඬ අනන්‍යතාවක්, ගායන කෞශල්‍යයක් වගේම කටහඬේ සහ ගායනයේ යන දෙකේම 'බරක්' ද ඔරිජිනල් ගායනාවලට අයත්.
ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ තීරණාත්මක මූල්‍ය ගනුදෙනුවක් අවසන් කරමින්, "දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad 2) - 5 වන අදියර" යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 90ක ණයක් ලබාගෙන ඇත.
වත්මන් රජය රටට ගෙන එන්නේ බාල ගල් අඟුරු බවට සමගි ජන බලවේගය අනාවරණය කළ බවත්, නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් ඊයේ දිනයේ මෙගවොට් 810ක් නිපදවිය යුතු වුවත් නිපදවා ඇත්තේ මෙගවොට් 680ක් බවත්, මෙගවොට් 130ක හිඟය ඇත්තේ බාල ගල් අඟරු නිසා යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ලෝක ප්‍රකට ඇමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් (Mark Lanier), ගෝලීය තාක්ෂණික දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව පැවැති ඓතිහාසික නඩු විභාගයක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. මෙම නඩුවේ සුවිශේෂත්වය වන්නේ: සමාජ මාධ්‍යවල අඩංගු දෑ පිළිබඳව නොව, මෙම යෙදුම් හිතාමතාම ළමයින් ඇබ්බැහි වන ආකාරයෙන් ම සැලසුම් කර ඇති බව අධිකරණයේදී ඔප්පු කිරීමට ලැනියර් සමත් වීමයි.
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව, විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාව පසුගිය සතිඅන්තයේ නිකුත් කර ඇත.
මෙම වර්ෂය තුළදී කිසිදු අයුරකින් ජල ගාස්තු ඉහළ යාමක් සිදු නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

