මෙරට ආර්ථිකය අභියෝගාත්මක බාහිර වටපිටාවක් මධ්‍යයේ වුව ද ශක්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ.
මැදපෙරදිග යුද ගැටුමෙන් හමුවේ රටට ඇති අභියෝග ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ජා කර තිබුණා.
යුද්ධය ක්‍රියාත්මක වන මොහොතේ අප රටේ රට විරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ ආරක්ෂක ස්ථාවරයකට ලක්ව ඇති බවත් එය ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවල නිරතවන්නන් හට ගුවන් ගමන් විදේශ මුදල් ප්‍රේෂණ හා සංචාරක ක්ෂේත්රය මත ද අපනයන හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවක් බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
දරුවන්ට විශාල හානියක් සිදුවන මැදපෙරදිග යුද්ධයට සංකේතාත්මකව විරෝධය පළකරමින් 'ටෙඩිබෙයාර්' ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරමින් සිටී.
දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ගේ ආරක්ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙන තුරු (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.
කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමුවැයි කියන සිද්ධියකට අදාළව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයා ලබන 24 වැනිදා තෙක් පරිවාස භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේ ය.
මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23 පහළ අන්තර් සමාජ ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී (BRC) ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මෙලෙස පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන්ගේ තරගාවලි ඉතිහාසයේ මෙවැනි දස්කමක් දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
ලකුණු කර තිබූ මිල කපා හැර ඖෂධ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවකුට රුපියල් දස දහසක දඩ මුදලක් නියම කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද නියෝග කලේ ය.
පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු බන්ධනාගාර නිලධාරීන් 20 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයෑම සම්බන්ධයෙන් මීගමුව අධිකරණයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව ඊයේ (21) පැවැත්වී ය. එහි දී 1 සිට 4 දක්වා නම් කර ඇති සැකකරුවන් හතර දෙනකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන්13දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළේ ය.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයින් 32ක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු නම් කළේ ය. ඒ, සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ය.
මීගමුව බන්ධනාගාරයේ අද (06) යළිත් ඇතිවූ නොසන්සුන් තත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමති සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු නම් කරනු ලැබීය.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22 ක් ඝාතනය වීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය වන අවස්ථාවේ සිටි ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර අද (30) මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේ ය.
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බළකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නඩුව විභාගය සහ දඬුවම් නියම කිරීම වළක්වාලන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක ඊයේ (15) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු නම්කර අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරුවන් අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (27) නියෝග කළා ය.
ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් යැයි පොලීසිය පවසයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් ගේ සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ගියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

