මාදැල් උද්ඝෝෂණය ආරම්භ වී අදට දින නවයක් ගෙවී ගිය ද තවමත් එයට පිළිතුරක් ලබා දීමට රජයට නොහැකි වී ඇතැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පැවසී ය.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියලු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙසත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
‘‘ජාතික ජනමාධ්‍ය වේදිකාව’’ විසින් පැවැත් වූ ‘‘කළු ජනවාරියේ ඒකාබද්ධ හඩ’’ පසුගිය දා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය සංවිධාන 23ක නියෝජිතයින්ගෙන් සහ සමාජ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක ගේ සහභාගීත්වයෙන් පැවැත්වී ය.
හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලිසිය කටයුතු කිරීම පිළිබඳ ෆේස්බුක් පෝස්ට්වලට ලැබී ඇති ප්‍රතිචාරවලින් එය ජනතාව අනුමත කර ඇති බව තහවුරු වන්නේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම සඳහා පොලිසිය, නියාමන බලධාරීන් සහ පරිපාලන යාන්ත්‍රණය දිගින් දිගටම භාවිත කිරීම ප්රජාතන්ත්රවාදී රටක කිසිසේත්ම පිළිගත නොහැක්ක් බවත්, මෙම රටාව දිගින් දිගට ම පවත්වාගෙන යෑමට ඉඩ දුන්නහොත් එය මහජන විශ්වාසයට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිරූපයට ද පියවිය නොහැකි හානියක් සිදු කරනු ඇතැයි සර්වජන බලය පක්ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න සඳහන් කරයි.
වරලත් මාධ්‍යවෘත්තිකයන්ගේ ආයතනයක් පාර්ලිමේන්තු පනතක් යටතේ පිහාටුවීම ගැන ‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ යනුවෙන් මා ලියූ කොමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් වරලත් මාධ්‍යවේදී ආයතනයක් 1880 ගනන්වල බ්‍රිතාන්‍යයේ පිහිට වූ බව අප මිත්‍ර බර්ට්‍රම් නිහාල් මතක් කළේ ය. එයට මා දුන් ප්‍රතිචාරය පහතින් පළ කරන්නේ එම කොමෙන්ටුවෙන් මා අදහස් කළ දෙය වඩා නිරවුල්ව පෙන්වා දීම සඳහා ය.
ප්‍රකාශයක් ලබාදීම සදහා දිවයිනට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදී චාමිකර බංඩාර ව කපා කොටා ඝාතනය කිරීමට කළුතර බන්ධනාගාරයේ දී ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් උත්සාහ කර ඇත.
නිල වාහනයක් හෝ ඉන්ධන දීමනාවක් ලබා ගත හැකි වුව ද වාහනයක් අවශ්‍ය නොමැති බව පවසමින් ඉන්ධන සහ දීමනාව ලෙස රුපියල් ලක්ෂ 31 අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියයට අදාළව අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවමින් ජනමාධ්‍ය මර්දනයට සහ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස් අයිතියට ආණ්ඩුව එල්ල කරන තර්ජනය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
'ද මෝනින්' (The Morning) පුවත්පතේ වෙබ් අඩවි කර්තෘ සහ තුර්කි රාජ්‍ය රූපවාහිනියේ (TRT) ශ්‍රී ලංකා නිල ප්රවෘත්ති සම්බන්ධීකාරක මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ද සාමාජිකයෙකු වන මාධ්‍යවේදී ළහිරු දොලොස්වල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ඊයේ (ජූලි 15) දින සිදු වූ අමානුෂික සහ අනීතික හමුදා සහ පොලිස් හිරිහැර කිරීම් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂක අංශ විසින්ම සිවිල් පුරවැසියන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ මූලික අයිතිවාසිකම් මේ අයුරින් පාගා දැමීම බරපතළ තත්ත්වයක බවත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සදහන් කරයි.
රැඳවියන් ආරක්ෂා කිරීමට සහ බන්ධනාගාර වෙත ප්‍රවේශය සහතික කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් HRCSL බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.
'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත්වූ ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සඳහා අසල්වැසි රාජ්‍යයන් දෙක වූ ඉන්දියාව සහ පකිස්ථානය ඉදිරිපත් විය.
කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන මාරපන සිරි සුජාතවංස පොඩි හාමුදුරුවන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ ශාසනික පුණ්‍ය මහෝත්සවය මෙම මස 11 වන දින ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයේ කළු ගඟෙහි සකසන ලද උදකුක්ඛේප සීමා මාලකයේ දී අභිමානවත් අන්දමින් පැවැත්වේ.
මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කිරීමේ නිරතවන පුද්ගලයා අවස්ථා කීපයක දී ම තම පුද්ගලික හිතවත්කම මත සුදුසුකම් නොලත් පුද්ගලයින් රෝහල තුළට ගෙන්වා රෝගීන් ගේ විකිරණ පරීක්ෂණ සිදු කර රෝගීන්ව විකිරණ අවදානමකට ලක් කිරීමට කටයුතු කර ඇත.
මිය ගිය කලාකරුවන් ගැන චිත්‍රපට හදන එක දැන් රැල්ලක් වගේ. ලංකාවෙ ඒ වගේ Bio pic හදන්නේ ඒ විෂය පිළිබද අදහසකින් නෙමේ.
ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.
මාලිමා ආණ්ඩුව බලයට පැමිණි දා සිට අවම වශයෙන් ඩොලර් මිලියන 200ක ඍජු ආයෝජනයක් රැගෙන ආවේ කවුදැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක විමසී ය.
රට තුළ මේ වනවිට කෝටි තිස්දාහකට අධික බරපතළ ගල් අඟුරු වංචාවක් සිදුවෙමින් පවතින බැවින් මෙම වංචාව හරහා රට විශාල අගාධයකට ඇද වැටෙන බවත්,. ආණ්ඩුව මෙම වංචාව සුළු සිද්ධියක් ලෙස ගෙන ඩොලර් මිලියන 2.1 ක වන්දියක් ලබාගෙන මෙම වංචාව හේතුවෙන් සිදුවුණ පාඩුව පියවා ගන්නා බව ප්‍රකාශ කර මෙම මහා පරිමාණ වංචාවෙන් පලා යෑමට උත්සහ කරන්නේ යැයි සමගි ජන බලවේගය තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක පැවසී ය.
ආණ්ඩු බලයට එහා ගිය රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම මාලිමා ආණ්ඩුවේ අරමුණ හා අපේක්ෂාව වී ඇති බව සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසනවා.
මාලිමා ආණ්ඩුව විදෙස් ගත ශ්‍රමිකයින් ද රවටා ඇති බව මේ අය වැය තුළ දක්නට ලැබෙන බවත්, මාලිමා නායකයෝ මැතිවරණයට පෙර විදෙස් ගත ශ්‍රමිකයින්ට ලබා දුන් එකම පොරොන්දුවක් හෝ ඉටු කර නැති බවත් නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

