මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසී ය.
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව, රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කළේ ය.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන “අවුරුදු නැකත් සීට්ටුව” නිමවීම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ගේ ඉල්ලීමක් පරිදි ආචාර්ය ජී. එම්. ගුණපාල ප්රමුඛ මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම ජ්‍යොතිර්වේදීන් පිරිසක ගේ සහභාගිත්වයෙන්, ඊයේ (14) උදේ පැපිලියාන සුනේත්රාදේවී මහ පිරිවෙන් විහාරස්ථානයේ පැවති විද්වත් සාකච්ඡාවක දී සිදු කළහ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ ජනතාවාදී එකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජි.එල්.පිරිස් අතර හමුවක් පසුගිය (21)වන දා ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පවත්වා තිබේ.
පෙර අපර දෙ දිග නාට්‍ය කලා විශාරදයකු වූ මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ඊයේ (2026-01-31) රාත්‍රියේ සිය දිවි ගමන අවසන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින වෙලාවක එතුමා ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණීම ගැන කණගාටුවට පත් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්රයේ පුරෝගාමී විද්වතෙකු, ප්‍රකට විචාරකයෙකු, කවියෙකු වූ මහාචාර්ය විමල් දිසානායක 86 වන වියේදී ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් හමුවූ රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධ නඩුවෙන් මීට පෙර මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නීතිපතිවරයා ගේ උපදෙස් පරිදි යළි සැකකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරුව නොතිසි මත ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. අනතුරුව දුමින්ද දිසානායක මහාධිකරණ ඇප කොන්දේසි මත නැවත මුදා හැරි මට අධිකරණය නියෝග කළේ ය.
නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කර තිබේ.
කොළඹ විශ්වවිදාලයයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සූරීන් වෙත සම්මානිත මහාචාර්ය ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැත්වෙන ''මහැදුරු අනඳ අබිමන්'' උවසර උලෙළ 2026 ජනවාරි මස 08 වන දා සවස 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
මහින්ද රාජපක්ෂ මිනීමරුවකු නොවන බව සරත් ෆොන්සේකා ම පැවසීම ඉතා හොද කාරණයක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අභාවප්‍රාප්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන් ම අමාත්‍යවරයකු වූ මහින්ද විජේසේකර ගේ වියෝව පිළිබඳව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස්වලින්, අපහාස, අවලාද, මඩ ප්‍රහාරවලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
දෙවෙනි ලිපියෙන් ඉදිරිපත් කළ කරුණුවලට අනුව ක්‍රි.පූ 3 වෙනි සියවසේ දී ඉන්දියාවේ මගධ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක නම් බෞද්ධ අධිරාජයා ගේ සමයේ ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බවට ඓතිහාසික සාධක රැසක් ඇත. ඒ ලිපියෙන් ඉදිරිපත් කළ මේ ඓතිහාසික සාධක සියල්ල මහාවංශයෙන් බාහිරව ඇති සාධක ය. එසේම මෙම ලිපියෙන් මේ සිදුවීම පිළිබඳව මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඇති සාක්ෂි ඉදිරිපත් කෙරේ.
වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07) ප්‍රතික්ෂේප කර තිබේ.
මහියංගනය මූලික රෝහලේ වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය ගේ මෝටර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී ඊයේ (05) එම රෝහල් සේවකයකු සහ නාඳුනන පුද්ගලයකු විසින් එය අසාමාන්‍ය ලෙස වීඩියෝ ගත කිරීමක් පිළිබඳ ව එම වෛද්‍යවරිය පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බව වාර්තා වේ.
ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගනයේ පිහිටි අක්කර 96ක භූමිය කර්මාන්ත හා වෙළෙඳ පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත.
ප්‍රවීණ නාට්‍ය අධ්යක්ෂවරයකු වන මහේෂ් කුමාර ගේ නවතම නාට්‍ය නිර්මාණය වන Heart Play (හද නළුව) ජූලි 13වන දා සවස 06ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයෙහි පිහිටි කමත රඟහලේ දී රඟ දැක්වේ.
මාතර දිස්ත්‍රික්කයේ උග්‍ර ගැස් හිගයක් නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇතැයි වාර්තාවේ.
මෙවර අය වැය මගින් මාතලේ දිස්ත්‍රික්කය සෘජුව අදාළ වන අය වැය යෝජනා සියල්ල ම එක්සත් ජාතික පක්ෂය, යහපාලන රජය ආරම්භ කළ ව්‍යාපෘති මිස, නව යෝජනා නොවන බව පැහැදිලි කිරීම තමන් ගේ වගකීමක් ලෙස සලකන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න සඳහන් කරන්නී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

