අද (21) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක වරෙන්තු නිකුත් කරයි.
මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඔහු පසුගිය මැයි (22) වැනිදා ද පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළේ ය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, මෙම නඩුව පවරා ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ය.
මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක බැසිල් රාජපක්ෂ ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේ විත්තිකරු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටින බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල්ප් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරයා ගේ බිරිඳ ගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇය ගේ ස්වාමියා තිස්ස ගලප්පත්ති මුදිත ජයකොඩි යන අයට එරෙහිව නඩුව ගොනු කර ඇත.
එහිදී නඩුවේ තෙවන විත්තිකාර බැසිල් රාජපක්ෂ සහ සිව්වන විත්තිකාර හිටපු අමාත්‍යවරයා ගේ බිරිඳ ගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් ගේ ඇපකරුවන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී මහෙස්ත්‍රාත්වරයා ඇප කරුවන්ට නියෝග කළේ ඊලඟ නඩු දිනයේදි එනම් 7/21 දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම ඇපකරුවන්ගේ වගකිම බැවින් එදිනට ඉදිරිපත් නොවුවහොත් ඇප මුදල් රාජසන්තක කිරිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරනු දක්වන ලෙසයි. ඒ අනුව ඇපකරුවන් ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන සඳහා දිනයක් අයැ ද සිටියහ. එම ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා යළි අගෝස්තු 18 කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
එමෙන්ම බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව අධිකරණය මග හැර සිටි සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කළේ ය. ඒ අනුව බැසිල් රාජපක්ෂට මෙරටට පැමිණිය හැකි වුවත් නැවත රටින් පිට විය නොහැකි ය.
නඩුව නැවත ලබන අගෝස්තු 18 කැඳවීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
