ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොෂාන් ගුණවර්ධන, එහි මූලස්ථානයේ සේවය කරන තරුණ නිලධාරිනියකට බලහත්කරයෙන් ලිංගික අතවර කිරීමට කටයුතු කර ඇත. ඉන් අගතියට පත් තරුණ නිලධාරිනිය මෙම සිදුවීම පිළිබඳ බැඩ්මින්ටන් සංගමයේ බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ව ද ලිඛිතව දැනුවත් කර ඇත.
බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධණට ලිංගික අතවර චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඔහු ''බඩු ගුණේ'' ලෙස විරුදාවලි ලබා ඇත්තේ ද ඒ නිසා ය. බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද අවස්ථා කිහිපයකම මේ පිලිබද පැමිණිලි කර ඇත. එහෙත් මෙතෙක් කිසිදු අවස්ථාවක ඒ පිළිබඳ බලධාරීන් කටයුතු කර නෑත.
මේ අතර ලබන 20 වනදා බැඩ්මින්ටන් විධායක කමිටු රැස්වීමක් බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ පැවැත්වීමට නියමිත ය. එහි දී සභාපතිවරයාගේ ලිංගික අසහනය තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා තුරු සියලු දෙනාම බලා සිටිති.
එමෙන්ම බැඩ්මින්ටන් මූලස්ථානයේ සේවය කරන කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ? සියලුම ක්‍රීඩා සංගම් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටියි.
මූලාශ්‍ර - www.voiceofsrilanka.com
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
