මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර දැන දැනම රිය පදවා අනතුරක් සිදුකළහොත් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී.ජේ. සේනාධීර පැවසීය.
බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවැසීය.
රියදුරන් බීමතින් ධාවනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා පරීක්ෂණ නළවල අඩුපාඩුවක් පසුගිය කාලයේ පැවති අතර ඉකුත් 24 වැනිදා වන විට එම නළ 75,000 මිලදීගෙන රථ වාහන පරීක්ෂා කිරීම් තවදුරටත් තිව්‍ර කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
බීමතින් රිය පදවීම සම්බන්ධයෙන් උපරිම දඩ මුදල රුපියල් 25,000 ක් වන අතර බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර අනතුරක් සිදුකළහොත් 150,000 දක්වා දණ්ඩනයකට යටත් කර රියදුරු බලපත්‍රය අත්හිටුවීම හැකියාව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
2005 වසරේදී මගීන් රැගත් බස් රථයක් යාංගල් මෝදර දී රේල් පාර වසා තිබියදී ඒ හරහා ධාවනය කිරීමට යාමේදී පුද්ගලයන් 48 දෙනෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරට 2013 වසරේදී මරණ දඬුවම ලබා දුන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
පසු ගිය ගිය වසරට සාපේක්ෂව මාරක අනතුරු 271 කින් සහ මියගිය සංඛ්‍යාව 317 කින් වැඩි වී ඇති අතර බරපතළ අනතුරු සාපෙක්ෂ වශයෙන් අඩුවී ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ මාරක රිය අනතුරුවලින් වාර්ෂිකව පදිකයන් සියයට 31ක් මාරක රිය අනතුරුවලට ලක්වන අතර යතුරුපැදිකරුවන් සියයට 31ක් සහ පසු පැදිකරුවන් සියයට 39 ක් මාරක රිය අනතුරුවලට ලක්වන බවත් ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ බීමතින් රිය පැදවීම බවය.
මීට අමතරව රියැදුරන් කරන වැරදි සම්බන්ධයෙන් ලකුණු ගණනය කරනු ලබන Dmerit system ක්‍රමවේදය ලබන ජූනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඩබ්ලිව් . පී.ජේ. සේනාධීර පැවසීය.
( lankadeepa | ගයාන් සූරිය ආරච්චි)

