මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ වැදගත් පියවරක් ලෙස TMK පරිගණක මෘදුකාංගය එළිදැක්වීම, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ පෞරාණික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණය කළ සාහිත්‍ය පර්යේෂණ අංශයේ කෞතුකාගාරය විවෘත කිරීම පසුගිය 18වන දා එම පර්යේෂණායතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් හට අද (24) වරෙන්තු නිකුත් කළේ ය.
වසර එක හමාරක සිර දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් බදුල්ල මහාධිකරණය විසින් අද (28) නියමකර ඇත.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටිය දී රජයට පාඩුවක් කළේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මහාධිකරණය ඊට ලබාදෙන නියෝගය පරිදි නිකුත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) දැනුම් දුන්නේ ය.
පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලක්ෂ 250ක් වංචා කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසිඅට දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අධිකරණයට දැන්වූවා.
අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වෙමින් උද්ඝෝෂණ සිදු කළ බවට චෝදනා ලැබ, ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (17) නියෝග කළේ ය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ බලපෑම මත නීතිවිරෝධී සහ අත්තනෝමතික ලෙස පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව තම සේවය අත්හිටුවීමට විරුද්ධව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතීඥ චමින්ද කුලරත්න විසින් අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුව අද දින (19) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
නීත්‍යානුකූල ආනයන බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු විවිධ වර්ගයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ගබඩා කරගෙන සිටි කොළඹ හැව්ලොක් ටවුන් (Havelock Town) ප්‍රදේශයේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2026 අගෝස්තු 05) වැටලීමට ලක්කරන ලදී.
පාත්ෆයින්ඩර් පදනම, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලය (ICCR) එක්ව "ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම" මැයෙන් සම්මන්ත්‍රණයක් 2026 ජූලි 24වන දා කොළඹ දී පැවැත්වී ය.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ රනින් සටහන් වී ඇති මහා ක්‍රිකට් තරඟයක් වනුයේ කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන යි.
රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් නිවේදය කරයි.
ගම්බද දුප්පත් ළමයින් ඉගෙනගන්නා පාසල් 1500ක් වසා දැමීමට රජය තීරණය කර ඇති අතර අලුත් පාසල් ඉදිකරනවා යැයි පැවසුව ද එය සිදු නොවන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනු - විමර්ශනවලට බාධා නොකරනු යන මැයෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ මහජන උද්ඝෝෂණයක් 2025 ජූනි මස 28 වන දින පස්වරු 4.00ට ප්‍රංශයේ පරීසියේ ප්ලස් ද-ලා රිපුබ්ලික් (Place de la République) හී දී පැවැත්වීමට නියමිත ය.
පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කව්ද කියන එක ඊට ආසන්නතම සිද්ධි එකින්නෙක ගැළපුවොත් හොයා ගන්ඩ පුළුවං. මේ ඒ පිළිබඳ කෙටි සටහනක්.
වර්ෂ 2019 අප්‍රේල් 21වන දා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටි බවත්, ඊට ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබා
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වන යසිල් බාවාජෙගිල් පාස් සහ සුවඳරාල නිලමේගේ සරත් සමන්ත යන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද 19 නියෝග කරා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් ඊයේ විත්ති කූඩවේ සිට තම විත්ති වාචක ඉදිරිපත් කිරීම ආරම්භ කළහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්ති වාචක ඉදිරිපත් කිරීම පසුගියදා (17) ආරම්භ කළ අතර, ඊයේ (18) විත්තිකරුවන් 8 දෙනෙකු සිය විත්ති වාචක ඉදිරිපත් කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

