පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලක්ෂ 250ක් වංචා කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසිඅට දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අධිකරණයට දැන්වූවා.
විමර්ශන නිලධාරියා විසින් මේ බව දන්වන ලද්දේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමිනි.
වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ බැංකුවේ ලේඛන අත්සන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් අත් අකුරු පරීක්ෂාවකට ලක් කළ බවයි. සිද්ධියට අදාලව අද අධිකරණයේ සැකකරුවන් පෙනී සිටි අතර අධිකරණයේ පෙනී නොසිටි 13 සහ 17 වන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කළේ ය.
මෙම සිද්ධිය මේ වන විට නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුයේ ය; නඩුව දෙසැම්බර් 9 නැවත කැඳවීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
