නීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වඩා පැරණි, අපරාධ සඳහා යුක්තිය පසිඳලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරීමට නම් එහි ස්වාධිනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අද පැවැත්වෙන නීතිපතිවරයාට එරෙහි උද්ඝෝෂණය මේ රටේ ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය මාලිමාකරණයට ලක් කිරීමේ එක පියවරක් ලෙස දකින බවත්, තම කණ්ඩායම ඒම උද්ඝෝෂණය හෙලා දකිනවා සේ ම ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
මාරවිල උසාවියේ වෙච්ච සංවේදී සිදුවීමක්
තරුණ අම්ම කෙනෙක් තමාගේ අවුරුදු දෙකක් පමණ වෙන චූටි දුවට නඩත්තු ඉල්ලන්න උසාවි ඇවිත් හිටියා. තාත්තා තරුණ හාදයෙක්. චූටි දුව තාත්තා පැත්තට අතදික් කරල හිනා වුණා. අවුරුද්දකින් තාත්තා එයාව බලන්න ඇවිල්ලා නෑ. නඩත්තුවට සත පහක්වත් දීලත් නෑ. අම්මා තාත්ත අතර ආරවුලක්. නීතිඥවරියක් සහ නීතිඥවරයෙක් තමන්ගේ සේවාදායකයින් වෙනුවෙන් කරුණු දක්වනවා නඩත්තු ඉල්ලලා සහ ගෙවන්න බැරි හේතු කියල. ළමයා තාම තාත්තා දෙස බලාගෙන අම්මගේ අතේ. උසාවිය ම නිහඩව බලාගෙන ඉන්නවා. තරුණ විනිශ්කාරවරයා තාත්තගෙන් අහනව "තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට එක දැනෙන්නැද්ද?" තාත්තා බිම බලාගෙන. "තමන් දන්නව ද අපේ ගෙදර බල්ලත් පුංචි පැටිය කටින් අල්ලගෙන එහාට මෙහාට අරන් යනවා, ආදරේට... තිරිසන් සත්තුත් දරුවන්ට ඔයිට වඩා ආදරෙයි..අනිත් පැත්තෙන් එනවා"
නීතියට උඩින් කිසිවකු නැතැයි ජනාධිපතිවරයා පවසනවා නම්: බාල ගල්අඟුරු ගෙනාපු අය ගෙන්, මුදල් අමාත්‍යංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට දාපු අය ගෙන්, බොරු සාක්ෂි දෙන්න කියලා සියදිවි හානිකරගන්න තත්ත්වයට සැකකරුවන්ව පත් කරන අය ගෙන්, ලෝකයේ වැඩියෙන් ම ගෙවලා තෙල් මිලදී ගත්ත අය ගෙන් ප්‍රශ්න කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ප්රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා 2016 යෝජනාව: රවුෆ් හකීම්ගේ උප කමිටුව හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) භූමිකාව.
2016 දී ශ්‍රී ලංකාවේ නීතිමය සහ දේශපාලනික භූ දර්ශනය තුළ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් සැලකිය යුතු යෝජනාවක් මතු විය. රවුෆ් හකීම් ගේ පාර්ලිමේන්තු අනුකාරක සභාවක් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) එක්ව අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට පෙනී සිටි බව වාර්තා වේ. මෙම ලිපිය මගින් 2016 යෝජනාවේ ඓතිහාසික පසුබිම, ප්‍රධාන චරිත සහ ශ්‍රී ලංකාවේ විනිසුරු විශ්‍රාම ගැනීම පිළිබඳ පවතින විවාදවලට එහි අදාළත්වය විශ්ලේෂණය කරයි.
මහනුවර - කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසා දමා තිබේ.
වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියකට අනුව ඓතිහාසික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති පසුබිමක අලුත්වැඩියා කටයුතු සිදු කරන කාලය අතරතුර තැපැල් කාර්යාලය නුවරඑළිය ළමා පුස්තකාලය වෙත මාරු කිරීම සඳහා පසුගිය මස පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ගනු ලැබූ තීරණයට නුවරඑළිය පුස්තකාල පාඨක සමාජයේ සහ ප්‍රදේශවාසීන් සිය විරෝධතාවය ප්‍රකාශ කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
නුවරඑළියේ පදිංචි නිලුෂ ෂෙරෝන් සමරජීව නමැති 23න් හැවිරිදි තරුණයාට, නුවරඑළිය මහනගර සභාවේ මන්ත්‍රී චන්දන මැදගම යන අයගේ පුතුන් දෙදෙනා විසින් පහර දී ඇතැයි නුවර එළිය පොලිසිය පැවසූ බව මාධ්‍යවේදී නාලක රත්නායක සඳහන් කරයි.
ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මාලිමා මන්ත්රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
අයහපත් කාලගුණය හමුවේ සිදුව ඇති ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් රටපුරා මාර්ග සහ පාලම් රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් විමල් කන්ඩම්බි පවසයි.
වසරක් පාසා පැවැත්වෙන නුවරඑළිය වසන්ත සැනකෙළිය වෙත පැමිනෙන්නැයි ජාතික රූපවාහිනය ආරාධනා කර සිටියි.
නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙවර නුවරඑළියේ පැවැත්වෙන වෙනත් සැණකෙළියක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය නොගෙන දේශපාලන හැන්දකින් නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් විදුලි ආයතනයෙන් විදුලි සම්බන්ධතා බෙදන බවට සැණකෙළි සංවිධායකවරුන්ගෙන් චෝදනා කරයි. නුවරඑළිය විදුලි ඉංජිනේරුවරයා ගෙන් විමසුව ද ඔහු ප්‍රකාශයක් දීම පවා ප්‍රතික්ෂේප කරයි .
නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන හිටපු එමීර්වරයෙකු ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්ප්‍රාප්ත වී ඇත.
ශ්‍රී ලංකාවේ අලංකාරයේ සංකේතය බඳු වූ නෙළුම් කුලුන රඟහලේ දී “Miss Earth Sri Lanka 2026” තරගයේ තානාපති පත්වීම් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව පසුගියදා (30 වනදා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
'රටේ අර්බුධයක් නෑ' යැයි පැවසුව ද ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව විදුලිය ලබා දීම සිදු වුව ද මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කර ගෙන බරපතළ ජාතික අර්බුදයක් පවතින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
නේපාලයේ සහ ටිබෙට් දේශසීමා කලාපයේ සිදු වූ විනාශකාරී ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් (Flash Floods) මේ වන විට පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, සිය ගණනක් අතුරුදන්ව ඇති බවත්, අද පෙරවරුවේ සිදු වූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නේපාලයේ උතුරු ප්‍රදේශයට සහ චීන-ටිබෙට් දේශසීමාවට දැඩි හානි සිදු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

