බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අද (09) පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටලු විසදීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.
සුරේෂ් ශලේ ගේ බිරිද සහ සහෝදරයා හැරුණු විට ඔහු හමුවීමට අවස්ථාව ලද පළමු පුද්ගලයා තමා යැයි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසී ය.
නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමෙන් අනතුරුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින්, ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 පළමු කාර්තුවේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගණනක් තියෙන බවට ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරනවා. මේ කතාව ඇත්තක් නෙවෙයි.
පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පැවසීය
පළාත් සභා මැතිවරණය නුදුරේදී එන බවත් පළාත් සභා මැතිවරණය රටට ජනතාවට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා කීවේය.
පළාත් ඡන්දය පැවැත්වීමට මහජන නියෝජිතයන්ගේ සහය අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (Division of Biomedical Engineering Service - BES) පුළුල් කර නවීන පහසුකම් බද්ධ කරමින් සිදුකළ නවීකරණයෙන් පසු එම මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු ආරම්භකිරීම මෙන්ම පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකවලට ඉංජිනේරු මෙවලම් බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි Miyon Lee , කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek, Kwan-baek යන අය ගේ සහභාගීත්වයෙන් හෙට (16) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි ඇති වූ බව ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පැවසීය.
පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ළඟදීම කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.
පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරාගැනීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යථාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
යුක්තිය සාධරණත්වය අපේක්ෂා කරන ප්රගතිශීලී මිනිස්සුන්ට මේ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡ යුද්ධය දෙස නිහඬව බලා සිටිය නොහැක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
මාධ්‍යවේදී සහ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී නොව අතුරුදහන් කර ඊයේට (2026-06-28) දින 6000කි; වසරවලින් ගැණ බැලුව හොත් වසර 16ක් ඉක්මවා ඇත. එහෙත් ඔහු අතුරුදන් කළේ කවුද, ඇයි ද යන්නට තවමත් පිළිතුරු නොමැත.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය ගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (04) අවසර ලබා දුන්නේ ය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ හතරවැනි සාක්ෂිකරුව වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි නැවත සාක්ෂියට කැඳවන ලෙස අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SMJDSL) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අද ලිපියක් බාර දුන්නේ ය. ඒ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ ඒකාධිපති වියරුවකට තල්ලු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීම සඳහා ය.
ප්රජාතන්ත්රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනතා අරගලයකින් සහ අතිමහත් මහජන අපේක්ෂාවන් මැද බලයට පත් වූ ආණ්ඩුවක්, මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය හමුවේ හැසිරෙන ආකාරය දෙස බලන විට මතුවන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි. ජනතාව මහ පාරේදී පන්න පන්නා එකහෙළා ප්‍රතික්ෂේප කළ ඒ පැරණි අත්තනෝමතික, ගෝත්‍රික "බයි" මානසිකත්වය සහ බල උමතුව යළිත් මේ ආණ්ඩුවටත් ආරූඪ වී තිබේද?
යෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධන කළ හොත් චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය සහ ආයතන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

