පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වන යසිල් බාවාජෙගිල් පාස් සහ සුවඳරාල නිලමේගේ සරත් සමන්ත යන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද 19 නියෝග කරා.
වවුනියාව ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොත සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ ය. එය භාරයේ සිටි ලුතිනන් කර්නල් වරයා ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එසේම මෙම නඩුකරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් අධිකරණයට අපහාසයක් කළ බව කියන හිටපු ඇමති විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය සිදු කළ බව කියන ප්‍රකාශවලට අයත් සීඩී තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ යන අය හෘද රෝග තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
