Image

පාරිභෝගික අධිකාරිය, කොළඹ හැව්ලොක් ටවුන්හි ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගබඩාවක් වටලයි

පාරිභෝගික අධිකාරිය, කොළඹ හැව්ලොක් ටවුන්හි ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගබඩාවක් වටලයි

නීත්‍යානුකූල ආනයන බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු විවිධ වර්ගයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ගබඩා කරගෙන සිටි කොළඹ හැව්ලොක් ටවුන් (Havelock Town) ප්‍රදේශයේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2026 අගෝස්තු 05) වැටලීමට ලක්කරන ලදී.

නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය නීත්‍යානුකූලව ඖෂධ ආනයනය කිරීමට බලපත්‍රයක් නොමැතිව, මගී ගමන් මලු (Baggage) ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කරන මෙම ඖෂධ තොග වශයෙන් (Wholesale) සහ සිල්ලර වශයෙන් (Retail) අලෙවි කර ඇති බවයි.

මෙම වැටලීමේදී වර්ග 100කට (Categories 100) අධික විවිධ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 10ක් (කෝටියක්) ඉක්මවන බව විමර්ශන නිලධාරීන් පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනටමත් ක්‍රියාත්මක වන අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව තදින්ම නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.

මහජනතාව ගේ ජීවිත අනතුරේ හෙළමින් නීති විරෝධී ලෙස ලියාපදිංචි නොකළ හෝ බාල ප්‍රමිතියේ ඖෂධ අලෙවි කරන ජාවාරම්කරුවන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න