නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දුන් නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක පැවසී ය.
ඉන්දනීසියාවේ බතාම් නුවර මේ දිනවල පැවැත්වෙන පැවැත්වෙන 16 වැනි( WBPF) ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ වයස 50-60 මාස්ටර්ස් තරග අංශය සහ කිලෝ 90 වැඩි බර පන්තිය නියෝජනය කල නිමල් වන්නිආරච්චි සියළු තරග කරුවන් අතරින් ලොව හොදම මස්පිඩු ප්‍රදර්ශකයා බවට විය.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය වසර දෙකක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩිකර ගැනීමට කිසිඳු වැඩපිළිවෙලක් නැති පසුබිම යටතේ නියම යුද්ධය ආරම්භ වන්නේ වසර 2028 අවසානයේදී යයි Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දී පැවසී ය.
ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්නට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙරට අහිංසක දෙමාපියන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් කොටුව පොලිස් වසමේ ලෝටස් පාර, මුදල් අමාත්‍යාංශයයට, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් කළ බවට වන සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (17) කොටුව පොලීසියට නියෝග කළේ ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් බොර දියේ මාළු බෑමට ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන කැසකවන බව රහසක් නොවේ.
අනුරාධපුර ප්‍රදේශයේ මත් කුඩු බෙදා හැර ඇත්තේ පෑලියගොඩ නගර සභාව නියෝජනය කළ ජාතික ජන බලවේගයේ මන්ත්රිවරියගේ සැමියා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පැවසී ය.
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල යළිත් තේරිපත්විය.
පසුගිය රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව කරන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වාගෙන් පැය දෙකහමාරකට වැඩි කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
2022 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220/-) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225/- බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කළ පොළොන්නරුවේ “නිව් රත්න සහල් පුද්ගලික සමාගම (New Rathna Rice Pvt Ltd)” සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරන ලද නඩුවට අදාළව අධිකරණය විසින් එම සමාගම වරදකරු කර රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක් නියම කර ඇත.
නිව්ටන් ගුණසිංහ ගේ සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ගතහොත් මේ මොහොත හෙවත් මාලිමාවේ ජයග්‍රහණය යනු පොදු දේපළවලින් පුද්ගලික ප්රතිලාභ ලැබීමට එරෙහි ජාතික සංවාදය ජයග්‍රහණය කිරීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනාධිපතිවරයා ගේ ප්රමුඛත්වයෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
'නිවැරදි කිරීමේ අයිතිය' ගැන පුද්ගලික මාධ්‍ය මත පදනම්ව සාකච්ඡාවක් සිදුවෙනවා. මේ තියෙන්නේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර යාපා මහතා 'නිවැරදි කිරීමක්' ලැබුණු විට එයට සමාජ මාධ්‍ය මගින් දක්වන ප්රතිචාරයයි.
නිශ්ශංක දිද්දෙණිය ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන 'සිඹිමි රඟබිම දිගා වී' කෘතිය ජනගත කිරීම අගෝස්තු 04වන දා, සවස 04ට, කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වේ.
පසුගිය දිනයක රජයේ ප්‍රධාන ප්රවෘත්ති නාලිකාවක විමර්ශන වැඩසටහනක් මගින් ගල්ගමුව අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශිය ලේකම්වරයා සතු රජයේ ඉඩම්වල නීති විරෝධිව බොරළු කැණීම් සිදු කරන බවට තොරතුරු හෙළි කළ බවත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනතා පෙරමුණ මහරගම ආසන සංවිධායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් ඉල්ලා සිටියේ ය.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ මායිමේ හෝටලයක් සඳහා අත්තිවාරම් දැමීමට පර්යන්ත වනාන්තරයේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ එළි පෙහෙළි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ පරිසර කණ්ඩායම් අනතුරු අඟවා සිටිති.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ සිද්ධියක් මුල්කරගෙන පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.
නීතිඥවරයෙක් සහ ඔහු ගේ බිරිඳව ඝාතනය කිරීම පාතල කල්ලි දෙකක සිදුවීමකට ලඝු කර, සිද්ධිය අමතක කර දැමීමට ආණ්ඩුවට පුළුවන්කමක් නැතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ පැවසී ය.
නීතිපති පාරින්ද රණසිංහ වෙත අසත්‍ය චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධුරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණක් යැයි Free Lawyers සංවිධානය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

