Image

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටිය දී රජයට පාඩුවක් කළේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මහාධිකරණය ඊට ලබාදෙන නියෝගය පරිදි නිකුත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) දැනුම් දුන්නේ ය.

සැකකරුට මහාධිකරණය මගින් අධි චෝදනා ගොනුකොට ඇති බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කර ගැනීමට මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙසත්, මහාධිකරණ නියෝගය ලබා දීමෙන් පසුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසී ය.

මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ චීනයේ සංචාරයක නිරත වීම සඳහා ඇප කොන්දේසියක් ලෙස පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස චාමර සම්පත් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ය.

ඒමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ( 2016 පෙබරවාරි 29 දින) රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවේ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් පැවරූ අඩු තුනෙහි ඇප ලබාදීමේ දී පැනවූ විදෙස් ගමන් තහනම් ඇප කොන්දේසිය මෙසේ තාවකාලිකව ඉවත් කරන ලෙස සැකකරු වෙනුවෙන් නීතිඥ නෙරන්ජන් ඊරියගොල්ල හා නීතිඥ අජිත් වික්‍රමසිංහ මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ චීන සංචාරය සඳහා වීසා සකසා ගැනීමට අධිකරණයට භාරදී ඇති විදෙස් ගමන් බලපත්‍රය කඩිනමින් ලබාගත යුතු බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් බලපත්‍රයේ මුදා හරින ලෙසට නියෝග කළ අතර වැඩිදුර කරුණු විමසීම ලබන 19 දිනට කල් තැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න