විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
කැබිනට් අනුමැතිය ලත් ගෝලීය පරිසර පහසුකම් (GEF) අරමුදල් සහිත වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය වැදගත් ප්‍රතිපත්තිමය සංඥාවක් සනිටුහන් කරයි. නමුත් එය, පාරිසරික හා ආර්ථික පීඩනයන් හමුවේ සිය සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ ආයතනික සූදානම පිළිබඳව ගැඹුරු ප්‍රශ්න මතු කරයි.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගතකර රජයට, පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනෙකු ලබන 20 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා ඊයේ (17) නියෝග කළේ ය.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද, බදුල්ල සහ නුවරඒළිය දිස්ත්‍රික්කවල ද, ඇතැම් ප්‍රදේශවල සමස ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවත්, එම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බලධාරින්ගේ ඇස් වසා මේ වනවිට නිශ්චිත ප්‍රමිතියෙන් තොර බාල පොහොර වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන බවත් එය වහාම නතර කිරීමට බලධාරින් මැදිහත් විය යුතු බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ප්රකාශ කළේය.
බොලිවුඩයේ රන් ස්වරය.. ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
'දිවයින ඉරිදා සංග්‍රහය' පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු මෙන්ම මෙරට ජනාධිපතිවරු දෙදෙනකු ගේ මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු වන නිහාල් ප්‍රනාන්දු මහතා අද (04) දින අභාවප්‍රාප්ත වි ඇත.
ටෙනිසන් පෙරේරා සූරින්ගේ දේහය අප්‍රේල් 26 වන ඉරිදා පෙරවරු 9.00 සිට රාත්‍රි 10 දක්වාත්, අප්‍රේල් 27 වන සඳදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වාත් තලාහේන චන්ද්‍රා පනාගොඩ (රෝයල්) අවමංගල්‍ය උත්සව ශාලාවේ (තලාහේන සුසාන භූමිය ඉදිරිපස)මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
ප්‍රවීන චිත්‍ර ශිල්පියකු වන බන්දුල හරිශ්චන්ද්‍ර අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ. කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී.
විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජූලි මස 23වන දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ගත් පියවර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රශංසාව පළ කර සිටී.
දැනට රජයේ මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම මේ දීමනා ලබාදෙන රටවල් 97කුත්, අර්ධ වශයෙන් ලබාදෙන රටවල් 33කුත් තිබෙනවා.
එක්සත් ජනපදය අද (3) වෙනිසියුලාවට පහර දී ජනපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත්තේය.
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිගේ සිට ජවිපෙ නායකයන් බහුතරයක් භාවිත කරන්නේ V8 වාහන බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තමන් නියෝජනය කරනු ඇතැයි විශ්වාස කරන පාක්ෂිකයන් ඒවා නොදන්නා බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා පවසයි.
මැර කණ්ඩායම්වල වෙඩි තැබීම් නිසා දින දෙක තුනකට වරක් ජිවිත හානි තුවාල සිදුවන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට ප්‍රිමා (Prima) සහ සෙරන්ඩිබ් (Serendib) යන පාන් පිටි ආනයන සමාගම් තීරණය කර තිබේ.
දකුණු කොරියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ ප්‍රධාන පෙළ ලීග් ක්‍රීඩක සොන් හියුන්ග්-මින්ගෙන් ගැබ් ගත් බව පවසා කප්පම් ගත් දකුණු කොරියානු කාන්තාවකට, එම චෝදනා මත අද (08) සිව් වසරක සිර දඬුවම් නියම වූ බව, යොන්හැප් (Yonhap) ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

