Image

ජනපති, ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමග2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරයි

ජනපති, ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමග2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරයි

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවකට ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වී ය.

මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර මෙන්ම ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේ ය.

විදේශීය සහ දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර නව ආයෝජන කැඳවා ගැනීමේ දී ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ අදාළ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

WhatsApp Image 2026 08 31 at 8.18.49 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න