Image

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට - මහ බැංකු අධිපති

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට - මහ බැංකු අධිපති

තදබල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින්, අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට මේවන පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉකුත් 24වන දා සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එක්වෙමිනි .

කෙටි කාලයක් තුළ මෙවැනි වේගවත් ආර්ථික පිබිදීමක් ලබාගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ද අධිපතිවරයා මෙහි දී අවධාරණය කළේ ය.

එහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ අධිපතිවරයා මෙරට ණය ශ්‍රේණිගත කිරීම් (Sovereign Credit Rating) තවදුරටත් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන සමඟම මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ද සඳහන් කළේ ය.

උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීම සහ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රස්ථකරණය කිරීම මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු වී ඇති බව වීරසිංහ එහි දී අවධාරණය කර ඇත. පසුකාලීනව දියත් කළ ආර්ථිකය ස්ථාවර කිරිමේ වැඩසටහන් හරහා විදේශ සංචිත නැවත ගොඩනැගීමට හැකියාව ලැබී ඇති අතර ඊට අමතරව, උද්ධමනය පාලනය කිරීමටත් මූල්‍ය ශේෂයන් යථා තත්ත්වයට පත් කර ගැනීමටත් හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය . එමෙන්ම තදබල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී ඉතා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හොඳ නිදසුනක් සපයා ඇති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය .

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න