රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කළේ ය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ඉදිරිපත්ව තිබුණි. ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ග ගත ක්‍රමයට ගොනුකර තිබීම ද විශේෂත්වයකි. ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් පහක් ගොනුකර ඇත. මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා පසුගිය දා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලද්දේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසිනි; එහි සභාපති විනිසුරුවරයා වන්නේ අගවිනිසුරුවරයා ම ය.
සෙසු සාමාජිකයන් ලෙස: අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් කටයුතු කරති.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) සවස නීතිපතිවරයා වෙත නොතිසි යවා තිබුණි. පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳවු අවස්ථාවේ එහි ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් 501 ශාලාවට මාරු කරන ලෙස නීතිඥවරු ඉල්ලීමක් කළහ. ඊට එකඟතාව පළ කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල 501 ශාලාවේ පෙත්සම් විභාගය පැවැත්වීමට තීරණය කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
