Facebook ගිණුමක් සාදා, වසර දෙකක සිට දරුවන් ගේ සහ කාන්තාවන් ගේ අසභ්‍ය ඡායාරූප විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (28) නියෝග කළේය.
මෙලෙස නියෝග කරනු ලැබුවේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.
මෙලෙස ඇප මත මුදා හැරියේ වයස අවුරුදු විසි දෙකක් වයසැති තරුණයකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ළමා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුළු නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක් තිස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙලෙස කාන්තාවන් ගේ සහ දරුවන් ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ විකුණා මුදල් උපයා ඇති බවයි.
මෙම Facebook ගිණුමේ මේ වන විට 8000කට අධික පිරිසක් දක්නට ලැබෙන බවයි ළමා හා කාන්තා කාර්යාංශය දන්වා සිටියේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
