Image

සුගීෂ්වර බණ්ඩාර ගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

සුගීෂ්වර බණ්ඩාර ගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (08) ප්‍රතික්ෂේප කළේ ය.

තම සේවා දායකයා ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීමට අදාළ නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.

සැකකරු ලබන 23 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර සුගීෂ්වර බණ්ඩාර යන අය බන්ධනාගාරය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සිය නියෝග නිකුත් කරමින් 1982 අංක 12 පොදු දේපල පනත යටතේ වන වගන්ති ප්‍රකාරව සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට පොලිස් මධ්‍යම අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත. එමෙන්ම සැකකරුට ඇප ඉල්ලීමක් සිදු කරමින් සැකකරු සෙලු ලයිටිස් රෝගෙන් පීඩා විඳින බවත් එම රෝග තත්ත්වය උත්සන්න වීමෙන් පිළිකාවක් ඇති විය හැකි බවටත් ඉන් ජීවිත අවදානමක් ඇති බවත් නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් දන්වා තිබෙනවා. එමෙන්ම සැකකරු මින් පෙර රෝග තත්ත්වයෙන් පීඩා විඳින අවස්ථාවේ ඡායාරූපයක් ද අධික ඉදිරිපත් කර තිබෙනවා මේ අවස්ථාවේ රෝගයට අදාළව කිසිදු වෛද්‍ය වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කර නැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමට ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න