ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ ඇපල් ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මගින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේ ය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) යළි කැදවූ අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වැඩිදුර වාර්තාවක් ද සමගිනි.
අදාල දුරකතනයේ දත්ත සම්බන්ධයෙන් පෙරදින ලබාගත් අධිකරණ නියෝගය ඉකුත් අගෝස්තු මස 18 වැනිදා අමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කළ බව ද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය.
මෙම සිද්ධියේ මියගිය සැකකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බ වද පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා. එම වාර්තා කඩිනමින් අධිකරණයට යොමුකරන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් ද අධිකරණයෙන් නිකුත් කිරීම ද සිදුවුණා. ඒ අනුව මෙම සිද්ධිය ලබන ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිමට ද අධිකරණයෙන් නියෝග නිකුත් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
