Image

ආචාර්ය සුනිල් අබේරත්න පාරිභෝගික ඔම්බුඩ්ස්මන් ධුරයට

ආචාර්ය සුනිල් අබේරත්න පාරිභෝගික ඔම්බුඩ්ස්මන් ධුරයට

පාරිභෝගිකයින් මුහුණ දෙන විවිධ ආරවුල් සහ ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න පාරිභෝගික ඔම්බුඩ්ස්මන්වරයෙකු ලෙස පත් කර ඇත.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ සහ මෙරට තානාපති සංසදයේ යෝජනාවක් අනුව ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ ගේ මග පෙන්වීම යටතේ මෙම නව ඔම්බුඩ්ස්මන්වරයා පත් කර ගැනීම පසුගිය දා (04) විද්‍යත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ දී (OPA) නිල වශයෙන් සිදු කළේ ය.

පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදු වන පැමිණිලි විසඳා ගැනීම සඳහා සිවිල් අධිකරණ වෙත යෑමට සිදු වීමෙන් විශාල කාලයක් ගත වීම ඇතුලු ගැටලු කිහිපයක් පවතින බවත්, මෙම ඔම්බුඩ්ස්මන්වරයා වෙත යොමු කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම කැඳවා සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත් කිරීමට මෙයින් අවස්ථාව සැලසෙන බවත් නව ඔම්බුඩ්ස්මන් ආචාර්ය සුනිල් අබේරත්න මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට හිටපු අභියාචනාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු, ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ මහ ලේකම් ධමින්ද කේ.ජී.ගුණතිලක, නීතිඥ සුගන්ධිකා කේ හංගිලිපොලගේ, OPA හි හිටපු සභාපති නිශ්ශංක පෙරේරා සහ OPA ලේකම් රවී රූපසිංහ ඇතුළු, නීතිඥ සහ වානිජ මණ්ඩලවල ප්‍රධානීහු පිරිසක් සහභාගී වී සිටියහ.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න