V2025

පුවත්

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් ලංකාවේ : ඉක්මනින් එන්නත ගන්න !

ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ අද(22) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී මහාචාර්යවරිය සඳහන් කළේ , මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.

මෙම සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනද අදහස් දැක්වූ අතර ඒ , දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව පවසමිනි.

එන්නත් තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති මධ්‍යස්ථානයෙන් එන්නත්කරණයට යොමුවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

එන්නත් නොගෙන පසුතැවෙන්න එපා !

මේ අතර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, එන්නත ලබා ගැනීමට ප්‍රමාදවීම, පසුතැවිල්ලට හේතු විය හැකි බවය.

ඔහු මේ බව පැවසුවේ, අද(22) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කලේ , නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති මෙවැනි රටක් තුළ එන්නතකරණය සඳහා අවස්ථාව ලබා දී ඇති විට එය නොගැනීම පසුකාලීනව පසුතැවීමට සිදු වනු ඇති බවය.

එම නිසා දෙමව්පියන් එන්නතකරණය සඳහා යොමු කිරීම දරුවන්ගේ යුතුකම බවත් පැවසීය.

එන්නත් ලක්ෂ 20ක් අතුරුදහන් !

කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් එන්නත්කරණ වැඩපිළිවෙළේ දත්ත බාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් ජනතාවට ලබා දී ඇති බවත් එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය ඇතීවී ඇති බවත්ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත්කරණයේ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක පහක කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් 7000 - 8000 එක් සෞඛ්‍ය කොට්ඨාසයක් සිදු කරන විට අනෙකුත් රාජකාරි සමඟ එය නිසි ලෙස සිදුකිරීමට ප්‍රායෝගික අපහසුතා ඇති බවත් ඔහු පැවසීය. විශේෂයෙන් අවශ්‍ය ලැප්ටොප් පරිගණක, අමතර කාර්ය මණ්ඩල නොමැති නිසා එක් සෞඛ්‍ය පරීක්ෂකවරයකු හට දැරීමට නොහැකි රාජකාරි ප්‍රමාණයක් මේ දිනවල සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් එම එන්නත් සියල්ල රටේ ජනතාවට ලබා දී ඇති නමුත් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

(දේශය )

මරණ 198ක් : ආසාදිතයන්ගේ දෛනික වැඩිවීමත් ඉහළට !

නව කොවිඩ් ආසාදිතයින් 3,884 දෙනෙකු ඊයේ (21) මෙරටින් හඳුනාගනු ලැබුණු අතර මේ ආකාරයට දෛනික ආසාදිතයින් 3500 සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව 5වන දිනට බව සෞඛ්‍ය අංශ නිල දත්ත සටහන් සාක්ෂි දරයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශය ඉකුත් 20 වැනිදා පස්වරුවේ අමතර ආසාදිතයින් 4,808 දෙනෙකු සිය දත්තවලට එක්කර තිබුණි.

ඔවුන් පවසන්නේ මෙම ආසාදිතයින් 4,808 දෙනා පසුගිය අගෝස්තු 16,17,18 සහ 19 යන දිනවලදී ප්‍රමාද වී වාර්තා කරන ලද දත්ත බවය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 385,696 දෙනෙකු දක්වා ඉහළයනු ලැබිණ.

තවද කොවිඩ් ආසාදිත මරණ 198ක් ඊයේ (21) ප්‍රකාශ කෙරුණු අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,183කි.

එසේම මේ වන විට ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සංඛ්‍යාව 323,390කි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 55,123ක් වෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 20 ලක්ෂ 88,864කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 56 ඉක්මවා තිබේ.

තෙල් පෝලිම් ගැන කියූ : වෘත්තීය සමිති නායක අත්අඩංගුවට !

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍ය , පාලිත රංගේබණ්ඩාර පවසයි.

අද (21) අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවත් ඔහු පවසයි.

පසුගිය 19 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසා තිබුනේ රට තුළ ඉන්ධන හිගයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, මේ වන විට ඩීසල් සංචිත දින 11 කට සහ පෙට්‍රල් සංචිත දින 10 කට පමණක් ප්‍රමාණවත් බවයි.

ඒ සම්බන්ධව දෙරණ මාධ්‍ය නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

කෙසේවුවත් මේ වෘත්තීය සමිති නායකයාගේ ප්‍රකාශයට පසුව ඛනිජ තෙල් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ ට්වීටර් සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබිණ.

udede

ඖෂධ වර්ග 60ක සහ වෛද්‍ය උපකරණ මිල සංශෝධනයක්

ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව , 2019 මැයි 15 දින අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස සංශෝධනය කර තිබේ.

මේ අතර අදාළ එම ගැසට් පත්‍රයේම සඳහන් වෛද්‍ය උපකරණයන්හි ද මිලට සංශෝධනයක් සිදුව ඇත.

සංශෝධිත නව අතිවිශේෂ ගැසට් නිවේදනය පහත සදහන් වේ.

1

2 m

3 m

4 m

5 m

6 m

7 m

8 m

ලොක්ඩවුන් ලකුණු වෙනස් කරන්න : ආණ්ඩුව අස්සේ කැම්පේන් එකක් !

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ මෙරට ව්‍යාප්තිය සීග්‍රවීමත් සමඟ ඉහල ගිය මරණ සහ ආසාදිතයන් ප්‍රමාණය පාලනය කරගැනීම සඳහා තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීම අදාළ ගෞරවය කාටද යන්න සම්බන්ධව ප්‍රචාරණ යුද්ධයක් ආණ්ඩු හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ සඳහා මේ වන විට රට ලොක්ඩවුන් කිරීමට මැදිහත්වීම ගැන මහ නායක හිමිවරුන්ට ස්තුති කිරීම, මහ නායක හිමිවරුන්ගේ වචනයට ගරු කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රධානීන්ට ස්තුති කරන ආදී ලෙස ප්‍රකාශ සමාජ ගත කිරීමේ වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුව ඇත.

ඒ සඳහා මේ වන විටත් සමහර ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ පටිගත කරගෙන ඇති බවටත් වාර්තා වෙයි.

දැනගන්නට ඇති ආකාරයට මේ ආකාරයට ප්‍රකාශ රැසක් සමාජ ගත කිරීමට සැළසුම් කර ඇති හේතුව වන්නේ, මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමට බලපෑම කල පාර්ශවයන්ට ජනතා ප්‍රසාදය පළවීම වළක්වාලීම සඳහාය.

සැබවින්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සිට සියලු වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කල සියලුම වෘත්තීය සමිති පොදුවේත්, තනිවත් මාසයකට ආසන්න කාලයක් තිස්සේ රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. විශේෂයෙන් ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති පළමුව නිහඬ පිළිවෙතක සිටි නමුත් පසුව, දිනපතා ආසාදිතයන් වැඩිවන විට, මරණ ප්‍රමාණය 200 කට ආසන්න ලෙස දෛනිකව වාර්තා වන විට තාවකාලික ලොක්ඩවුන් කිරීමක් අවශ්‍ය බව සඳහන් කෙරිණ.

එහිදී ආණ්ඩුවේ ස්ථාවරය වූයේ කොරෝනා මැඩීමට විසඳුම එන්නත බැවින් කඩිනමින් එන්නත්කරණය ඉදිරියට ගෙනයන නමුත් කිසිසේත් රට වහන්න සූදානමක් නොමැති බවය.

එහෙත් දිනපතා ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා විය, දෛනිකව එතෙක් වාර්තා වූ වැඩිම මරණ වාර්තා අලුත් වූ අතර පවතින තත්ත්වය හමුවේ රෝහල් ධාරිතාවද අවධානමට වැටිණ.

ආණ්ඩුව කළේ නැත්නම් අපි රට ස්වයං ලොක්ඩවුන් කරනවා - වෘත්තීය සමිති !

එහිදී සියලු වෘත්තීය සමිති ආණ්ඩුවට බලකර සිටියේ වහාම දින 14 ක තාවකාලික ලොක්ඩවුන් කිරීමක් හරහා සෞඛ්‍ය අංශ ඉල්ලන සහනය ලබාදෙන ලෙසය. එහිදීද ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් පෙන්වූ තැන මෙරට විශාලතම වෘත්තීය සමිති සන්ධානගත වෙමින් ආණ්ඩුවට බලකර කියා සිටියේ 20 වන සිකුරාදා වන විට තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළොත් 23 සඳුදා සිට දින 14 කට රටම ස්වයං ලොක්ඩවුන් කිරීමකට ලක්කරන්න තමන් මැදිහත් වන බවය.

එය එක්තරා ආකාරයට යහපත් සංඥාවක් නොවන්නේ, විධායකය ගතයුතු තීන්දුවක් වෘත්තීය සමිති ගැනීම තුල රට අභ්‍යන්තරයේ කිසියම් අරාජිකත්වයක පවා සංඥා සඳහන් වන නිසාය. එම කටයුත්ත තවත් බරපතළ වුයේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය ඇතුළුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ නොවන සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ කටයුත්තට ප්‍රසිද්ධියේ සහය දක්වා සිටීමය.

එම පක්ෂ නියෝජිතයන් මාධ්‍ය හමු පවත්වමින් දිගින් දිගටම ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත චෝදනා කර සිටියේ, වෛද්‍ය නිර්දේශ අනුව ආණ්ඩුව තීන්දු තීරණ නොගන්නා නිසා මරණ ප්‍රමාණය පවා වැඩිවන බවත් ඒ සියලු මරණ වලට බලධාරීන් වගකිව යුතු බවත් පවසමින්ය. එසේම ලංකාවේ තත්ත්වය බරපතළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කමිටු වාර්තා පවා අනතුරු ඇඟවූ අතර සංචරණ සීමා පැනවීමේ සහ ක්‍රියාත්මක වන ස්වභාවයේ වෙනසක් සිදුනොකළහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 30,000ක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පුරෝකථන පවා ඉදිරිපත් කෙරිණ.

මේ කාලය තුළත් ආණ්ඩුවේ ප්‍රධානීන් සෞඛ්‍ය අංශ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බරපතළ ලෙස චෝදනා ලැබීය. අවසානයේ ඊයේ (20) වන විට පැවතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් නොගත් පසුබිමක, වෙළඳ සංගම්, වෘත්තීය සමිති, ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂ සියල්ල එකතුව මර බිය නිසා ස්වයං ලොක්ඩවුන් වන තත්ත්වයකි.

එය ආණ්ඩුවේ දේශපාලන අනාගතයට අහිතකරය. එසේම ස්වයං ලොක්ඩවුන් වීම නීති විරෝධී කියන්නටද නොහැකිය. කෙසේවත් ලොක්ඩවුන් නොකරන කතා සමඟ වහසිබස් දෙඩු නිසා , කුමන තත්ත්වයේ වුවත් ලොක්ඩවුන් එකකට යාම මදිපුංචිකමක් ලෙස සලකන බවක් ආණ්ඩුව පැත්තෙන් පෙන්නුම් කෙරිණ.

එහෙත් නගර - ප්‍රදේශ 50 කට ආසන්න සංඛ්‍යාවක වෙළඳ සංගම් ඒ වන විටත් ස්වයං ලොක්ඩවුන් කිරීම් ප්‍රසිද්ධ කර නගර වල කටයුතු නවත්වා පෙන්වා තිබිණ. එනිසා 20 ආණ්ඩුව තීන්දුවක් ගත්තත් නැතත් රට වැසීමේ අවධානමක් පෙනිණ.

විමල්ලා කරපු වැඩේ හොඳයි : නැත්නම් සේරම ලකුණු වෘත්තීය සමිති සහ විපක්ෂයට !

ලීඩර් වෙබ් අඩවිය සිය youtube චැනලය ඔස්සේ අනාවරණය කර සිටියේ, ආණ්ඩුවේ පක්ෂ 10 එකමුතුව විසින් ජනාධිපතිට ලිපියක් යොමුකර සති 3 කට රට වහන්න ඉල්ලුවේ ඒ දේශපාලනය දැනගෙන බවය. අමාත්‍ය විමල් වීරවංශ ඒ ලිපිය ලියා ඇති බවත් ,එහි වාර්තා කර තිබිණ.එසේම පක්ෂ 10 නායකයන් එය අත්සන් කර ජනාධිපතිට යොමුකිරීම , ජනාධිපතිව බිත්තියට හේත්තු කිරීමක් වුවත්, එය ලොක්ඩවුන් දේශපාලන වාසිය මුළුමනින්ම විපක්ෂයට සහ වෘත්තීය සමිති වෙත යාම වැළක්වූ මැදිහත්වීමක් බැවින් අගමැතිවරයාගේද පැසසුමට හේතුවූ බවක්ද අඟවා තිබිණ.

දින 7කට ලොක්ඩවුන් එකක් : කාටද ? මොකටද ?

කෙසේ වුවත් පසුව මහනායක හිමිවරුන් ඉදිරිපත් කළ සතියකට රට වැසීමේ යෝජනාවත් ආණ්ඩුවේ පාර්ශව විසින් සකස්කර දී මහ නායක හිමිවරුන්ගේ අනුමැතියෙන් ප්‍රසිද්ධ කර ඇති බවට කතාවකුත් එහිදී කියවිණ. ඒවායේ ඇත්ත නැත්ත කුමක් වුවත් සතියකට රට වැසීම කොරෝනා සම්බන්ධව නම් විද්‍යාත්මක යැයි පැවසිය නොහැක. ඒ මේ වෛරසය සමඟ ගනුදෙනු බේරා ගන්නට අවම කාලය සති 2ක් නැතිනම් දින 14ක් යන බව ලෝක සම්මතය නිසාය. ඒ අනුව දින 7 යෝජනාව වඩාත් සමීප වන්නේ, කොහෙත්ම රට ලොක්ඩවුන් කල නොහැකි බව පවසා සිටි පාර්ශවයටය. නැතිනම් කොහෙත්ම බෑ කියන දෙය දින 7 කට සලකා බලන්නම් කිවහැකි පාර්ශවයටය.

ඒ අර්ථයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥයන්, වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන පක්ෂ, කණ්ඩායම් කියූ නිසා නොව මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම නිසා දින 10 කට තාවකාළිකව රට වැසීමේ නම්බුව ආණ්ඩුවට බේරා ගැනීමට ලැබුණු බව කෙනෙකුට සිතිය හැකිය.

ජනාධිපති ගැන නොහිතන කැම්පේන් !

නමුත් දැන් වාර්තා වන්නේ, මේ රට වැසීමේ ඒ ජනතා ප්‍රසාදය ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10 වෙත හෝ යාම වැළක්වීමේ කටයුත්තක් දියත්ව ඇති බවය. වැඩි වැඩියෙන් භික්ෂුන් වහන්සේලා සහ රට වැසීමට මැදිහත්වී සිදුකළ කාර්ය ගැන මහ නායක හිමිවරුන්ට සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ස්තුති කරන "වොයිස්කට්" මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඒ සඳහාය. කොරෝනා මර්දනය, මරණ අවම කරගැනීම සහ ආසාදිතයන් අඩුකර ගනිමින් මේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කරගැනීමට වඩා මේ අයට වැදගත් "ලොක්ඩවුන් ලකුණු" පාලනය කිරීමය. එය තමන්ට නැත්නම් ආණ්ඩුවේ අනෙක් පාර්ශවයකටවත් ඉතිරි නොකිරීමය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ, ජනාධිපති ලොක්ඩවුන් දීර්ඝ වුනොත් කැපකිරීම් කරමු කියන යෝජනාව පවා මේ හමුවේ අවධානමේ වැටීමය. දීර්ඝ කාලයක් ලොක්ඩවුන් වුණොත් රටට සිදුවන ආර්ථික හානිය ගැන වාදයක් නැත. ඒ ගැන ජනාධිපති රටට අවධාරණය කිරීම අතිශය වැදගත් ය. ප්‍රශ්නය ඇත්තේ, සැවොම කැපකරන , කැප කිරීම් සඳහා ජනතාව සූදානම් කරන ජනාධිපතිගේ වෙහෙසත් මේ කොහෙවත් යන කැම්පේන් අප්පුහාමිලා නිසා අපතේ යාමය. ඇත්තටම ඒ කැම්පේන් අප්පුලා හිතන්නේ, ගෝඨාභය ජනාධිපති ගැනද නැත්නම්, 2024 ට පස්සේ ඔවුන්ගේ ඔලුවේ ඇති වෙනත් දෙයක් ගැනද ?

ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 52 කට කොරෝනා !

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 52කට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබිම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය සඳහන් කරයි.

ඉදිරි සති දෙක තුළදී මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට ඉඩ ඇති බැවින් දරුවන්ව කෙවිඩ් වයිරසයෙන් ආරක්ෂා කර ගැනිමට සෑම වැඩිහිටියෙක්ම කටයුතු කරන්නැයිද අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

ළමා රෝහල තුල ප්‍රතිකාර ලැබූ කොවිඩ් වයිරසය ආසාදනය වු දරුවන් 13 දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි ද සදහන් බව පවසමින් මව්රට වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

කොවිඩ් ආසාදිත දරුවන් 225 දෙනෙකු ළමා රෝහල තුළ රඳවා තැබීමේ පහසුකම් පවතින බවත් රෝහලට වෙත පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ට ප්‍රතිකාර ලබා දී හෝ වෛද්‍ය උපදෙස් ලබා නොදි හරවා යැවීමට කිසිවිටකත් කටයුතු නොකරන බවත් වෛද්‍ය විජේසූරිය අවධාරණය කරයි.

කොවිඩ් වයිරසය ආසාදන වී රෝග ලක්ෂණ නොපෙන්වන දරුවන් දින තුනකින් නිවෙස් නිරෝධායනය සදහා යොමු කිරිමටත් ශල්‍ය කර්මසඳහා යොමුවන දරුවන් යම් හෙයකින් ආසාදිත තත්ත්වයට පත්ව ඇත්නම් ඔවුන්ව නිවෙස් නිරෝධායනය සදහා යොමු කිරීමටත් කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ෆේල්ලු : තනතුර අමල්ට !

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සනාථ කළේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.

වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඔහු මේ වනවිට සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මෙම තනතුරට පත් කිරීමට පෙර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) ‍ලෙසද කටයුතු කර තිබේ.

මෙම තනතුරු සංශෝධනයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

– aruna

ඩෙල්ටා ව්‍යාප්තිය සැරටම : අලුත්ම වාර්තාව මෙන්න !

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙම නව ඩෙල්ටා ආසාදිතයන් 84 දෙනා සම්බන්ධයෙන්වූ වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (20) බාරදී ඇති බවත් ලංකාදීප වාර්තා කරන අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළේ‍ය.

ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.

ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.

ගම්මන්පිළ ඇමතිට ආණ්ඩුවෙන් ප්‍රහාරයක් !

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පැවසීම ඉන්ධන අමාත්‍යවරයාගේ මුග්ධ ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ චෝදනා කරයි.

අද ( 20) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ චෝදනා කරන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ඉන්ධන පොළිමක් ඇතිවූ බව සඳහන් කරමිනි.

ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල අමාත්‍යවරයා වන අතර පුවත්පත් මණ්ඩල සභාපති මෙසේ චෝදනා කරන්නේ, ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අමාත්‍යවරයා පසුගියදා තබා තිබු ට්වීටර් පණිවිඩය විය යුතුය.

ගම්මන්පිළ අමාත්‍යවරයා තැබූ ට්වීටර් පණිවිඩය පහත දැක්වෙයි.

ude 1

එසේම ඉන්ධන පෝළිම ඇතිවීමට එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයකුගේ කඩාකප්පල්කාරී ප්‍රකාශයක්ද හේතුවූ බවත් ඔහු එහිදී පවසයි.

එසේම අද පැවති කමිටු රැස්වීමේදී ගත් තීරණ ජනාධිපතිගේ ප්‍රකාශයේදී හෙළිකළව යුතුව තිබු බවත් එය කලින් ප්‍රකාශ කිරීමෙන් රට පුරා විශාල රථවාහන තදබදයක් හා භාණ්ඩ ගැනීම සඳහා වන පෝලිම් නිර්මාණයටත් හේතු වී තිබෙන බවත් ඔහු අදාළ සටහනේ සඳහන් කර ඇත.

ලොක්ඩවුන් තීරණය අද ප්‍රකාශයට පත් කළ ද එය ක්‍රියාත්මත කළ යුතුව තිබුණේ හෙට රාත්‍රි දොළහේ සිට බවත් ඔහු අවධාරණය කරයි.

පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණගේ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

mahi

අද රාත්‍රී 10 සිට 30 දක්වා රටම Lockdown

අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනිදා අළුයම 4.00 දක්වා රට වසා තැබීමට තිරණය කළ බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත. 

එසේම අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

280193 1

තවද, නිරෝධායන ඇඳිරි නීතිය කාලසීමාව තුළ සියලුම අත්‍යවශ්‍ය සේවා ඖෂධ නිෂ්පාදන හා සැපයුම් , කෘෂිකාර්මික සහ ඇගළුම් ක්ෂේත්‍රවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන හා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මීට අමතරව වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුම පුද්ගලයින් එන්නත්කරණය කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ද මේ වනවිට සෞඛ්‍ය අංශ ආරම්භ කර ඇතැයි ද යුද හමුදාපති වැඩිදුරටත් පැවසුවේ ය.

චන්ද්‍රිකාගෙන් මංගලට සුව පැතුමක් !

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කොවිඩ් ආසාදිතව දැඩිසත්කාර ඒකකයේ සුව අතට හැරෙමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හට සුව ප්‍රාර්ථනා කරමින්, ඔහු මත දේශපාලනිකව පැටවී ඇති ඉටුකළ යුතුව ඇති වගකීම් වගවීම් සිහිපත් කරමින් සටහනක් තබා ඇත…..

කිසිදා විපතේදී හැර නොයන කල්‍යාණ මිත්‍ර මංගලට සුව පතා තැබූ එම සටහන පහතින් !

ආදරණීය මංගල, මේ වන විට අප රටේ විශාල ජන පිරිසක් ගොදුරු වී සිටින කෝවිඩ් වසංගතයෙන් ඔබ ද පීඩාවට පත්ව සිටිනු දැකීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එහෙත් දිනෙන් දින ඔබ සුව අතට පත්වනු අසන්නට ලැබීමෙන් මහත් සහනයක් ලබමි. ඔබ අතිශය විශ්වාසදායී, ප්‍රතිපත්තිගරුක දේශපාලන සගයෙකු මෙන්ම, විපතේ දී හැර නොගිය කල්‍යාණ මිත්‍රයෙකු ද වන්නේ ය.

මංගල, ආදරණීය මාතෘභූමියෙහි උත්තර සමාජයක් නිර්මාණය කිරීම පිළිබඳ ඔබ අප දකින සිහිනය සැබෑ කරගැනීමේ අනුල්ලංඝනීය වගකීමෙන් ඔබ බැඳී සිටින බව මම දනිමි.

අවංක, ප්‍රතිපත්තිගරුක මිනිසුන් වඩ වඩා අවැසි යුගයක, අප ආදරණීය ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේශයක් ගොඩනැගීමේ කාර්යයට දායක වීමට ඔබ සුවපත් වී නැවත පැමිණෙන තුරු අපි බලා සිටිමු.

එතෙක් අපි ඔබට සෙත් පතන්නෙමු. ඔබට බුදු සරණයි!

(සුමුදු මද්දුමආරච්චි)

කොවිඩ් නිව්මෝනියා එන්නත ඇතුළු ඖෂධ හිඟයක් : සජිත් සහ මව්බිම එකම අනාවරණයක !

බරපතල ඖෂධ හිඟය මැද ජීවිත සමග ආණ්ඩුව සිදු කරන සෙල්ලම වහා නවතන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ TOCILIZUMAD කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී ලබාදෙන ඖෂධ හිඟයක් ඇති බවය.

නැවතත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන අතර කොරෝනා සහ නිව්මෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ද ඒ අතර වන බව ය.

උද්ගතව ඇති ඖෂධ හිඟය පිළිබඳව විපක්ෂය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළත් එම ප්‍රයත්නන්ට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබු‌ණේ උපහාස, අපහාස සහ නොසලකා හැරීම පමණක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ වගකීම් විරහිත බව හේතුවෙන් රටට අහිමි වන ජීවිත පිළිබඳව බලා සිටිය නොහැකි බවය.

ආණ්ඩුවේ වගවීමත්, වගකීමත් දෙකම දෙවියන්ට භාර දී ඇති විට එහි ප්‍රතිඵලය වන්නේ, කෙරෝනා වසංගතය හමුවේ ඉහළින්ම සිටින අවධානම් සහගත රට අප රට වීම විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

WhatsApp Image 2021 08 19 at 10.54.17

කොවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක් - මව්බිම

මේ අතර මව්බිම පුවත්පතද මෙවැනිම අනාවරණයක් සිදුකර ඇත. ඒ අද අගෝස්තු 19 , ප්‍රධාන පුවත හරහායි. එහි සිරස්තලය දැක්වුණේ "කොවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක්" ලෙසිනි. එහි උප සිරස්තලයත් අතිශය භයානක තත්ත්වයක් අනාවරණය කර තිබුනේ, " හෘද , වකුගඩු රෝග හා ප්‍රතිජීවක ඇතුළු තවත් ඖෂධ වර්ග 40ක් නෑ" යනුවෙනි.

අදාළ පුවත මෙසේය.

මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා TOCILIZUMAD නම් එන්නත රජයේ රෝහල්වල හිඟ වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි වාර්තාවේ. එම එන්නත සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලද අතිශය අසීරුතාවට පත්ව සිටී. එම එන්නත රජයේ කිසිදු රෝහලක සොයා ගැනීමට නොහැකි බවට තොරතුරු වාර්තා වන අතර පෞද්ගලික අංශය තුළදී පවා එම එන්නත් මිලදී ගැනීම අතිශය දුෂ්කර කාර්යක් වී තිබේ.

එම එන්නත මෙන්ම මෙරට ප්‍රධාන රෝහල්වල හෘද රෝගීන්ට හා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලෙස ලබා දෙන තවත් ඔෟෂධ වර්ග 40කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවටද තොරතුරු වාර්තාවේ. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඊර්ණීඛ්ධ්ඹ්ධ්ඛඋර්ඒච් නම් එන්නතේ මාත්‍රා ප්‍රමාණය අවශ්‍යතාව අනුව එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර සමහර රෝගීන්ට එම එන්නතේ මාත්‍රා 2ක් හෝ 3ක් පවා ලබා දීමට සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. එම එන්නතේ හිඟතාව හේතුවෙන් කොවිඩ් නිව්මෝනියාවට පත්වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඇති අවකාශය තවදුරටත් සීමා වීම අතිශය ගැටලුකාරියග.

මෙසේ අත්‍යාවශ්‍ය ඔෟෂධ වර්ග 40ක ප්‍රමාණයක් ගෙන්වීමට අදාළ ටෙන්ඩර් අනුමැතිය පවා හිමි වී ඇති බවද වාර්තාවේ. එම ඔෟෂධ ඇනවුම් කර ඇති බවත් අදාළ ණයවර ලිපි පවා විවෘත කර ඇතත් තවමත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් කර ගත නොහැකි බවත් පැවැසේ. අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඔෟෂධ නොමැතිකමින් රෝගී ජීවිත පිළිබඳව අවිනිශ්චිත බවක් නිතැතින්ම ඇතිවේ. මෙවන් වසංගත සමයක එය අතිශය බරපතළ තත්ත්වයක් උදා කරන බවට නොරහසකි.

මේ අදාළ ටෙන්ඩර් ලිපි සඳහා ණයවර ලිපි භාරදීම සිදු කරනුයේද රාජ්‍ය ඔෟෂධ සංස්ථා සභාපතිගේ ප්‍රධානත්වයකින් යුත් කමිටුවක් මඟින් බවට හෙළිවේ. අංශ ප්‍රධානීන් හෝ ප්‍රධාන කළමනාකරුවන් ආදී එම සංස්ථාවේ ප්‍රධාන තනතුරුවල පිරිස් සිටියද එම ණයවර ලිපි විවෘත කිරීම කෙරෙනුයේ එම සංස්ථාවේ සභාපති කේන්ද්‍ර කොට ගනිමිනි

මේ සම්බන්ධයෙන් අප ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ මේ වන විට රජයේ ප්‍රධාන රෝහල්වල ඔෟෂධ 40කට ආසන්න සංඛ්‍යාවක් නොව එයටත් වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.

රජයේ රෝහල්වල නැති ඔෟෂධ වර්ග 40 මෙසේය.

  1. Clindamycin phosphate Inj.300mg/2ml

  2. Chloramphenicol Capsule 250mg

  3. Chloramphenicol Inj.500mg

  4. Norfloxacin Tablet 400mg

  5. Itraconazole Caps 100mg

  6. Sodium Nitroprusside Injection 50mg

  7. Sodium Nitroprusside Injection

  8. Phenoxybenzamine HCI Injection 100mg/2ml

  9. Ephedrine Injection 30mg/1ml

  10. Oxybutynine Hydrocloride Tablets 5mg

  11. Lorazepam Injection 4mg in 1ml

  12. Chloral Hydrate Oral Solution 500mg/5ml in 200ml bottle

  13. Zuclopenthixol Inj.200mg/ml

  14. Paracetamol Suppository 500mg

  15. Melatonin Tablet 2mg

  16. Alprazolam Tablet 0.5mg

  17. Aripiprazole Tablet 10mg

  18. Midazolam Nasal Spary 0.5mg/md,50 dose

  19. Thiamine Tablet 100mg

  20. Phytomenadione Tablets 5mg

  21. Phosphate Tablet 500mg

  22. Cholecalciferol Capsule/Tablet 1000 IU

  23. Total Parenteral Nutrition in 500ml-1,500ml Collapsible Bag

  24. Montelukast Sodium Tablets 10mg

  25. Pneumococcal Vaccine single dose vial

  26. Propylthiouracil Tablet 50mg

  27. Testosterone Undecanoate Injection 250mg/1ml,4ml

  28. White Soft Paraffin

  29. Cytarabine Injection 100mg/5ml vial

  30. Folinic Acid Tablet 15mg

  31. Asparaginase 10,000 Unit Injection

  32. Procarbazine Capsule 50mg

  33. Azathioprine Tablet 50mg

  34. Tacrolimus Capsule 0.5mg

  35. Tamsulosin Capsule 0.4mg

  36. Allopurinol Tablet 100mg

  37. Atracurium Besylate Injection 25mg/2.5ml

  38. Lidocaine Spray 10%, 50ml bottle

  39. Methionine Tablet 500mg

  40. Pralidoxime Chloride Injection 1g/20ml

වංචා වැළක්වීමට : කැබිනට් අනුමැතිය !

වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අන්තිම කැමැති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සදහා පසුගිය ජුලි මස 19 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබු අතර එම සංශෝධනයේ අරමුණ වුයේ නොතාරිස්වරයකු ඉදිරිපිට නොවන එහෙත් සාක්ෂිකරුවන් පස් දෙනෙකු ඉදිරිපිටදී පමණක් ලියා අත්සන් තබන අන්තිම කැමති පත්‍ර අත්සන් තැබීමේදී සිදු වන වංචාවන් වැලැක්වීම බව බව රජය පවසයි.

එහෙත් සාක්ෂිකරුවන් පස් දෙනෙක් ඉදිරිපිටදී අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් තැබීම සදහා වංචා වැලැක්වීමේ ආඥාපනතින්ද විධිවිධාන සලසා ඇති බැවින් එම ආඥාපනතේ සදහන් එකී විධිවිධානද සංශෝධනය කළ යුතු බව හදුනාගෙන ඇතැයිද රජය පවසයි.

ඒ අනුව යෝජිත සංශෝධන ඇතුළත් කරමින් වංචා වැලැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරිම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාව අගොස්තු 17 අගහරුවාදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සඳහන්ය.

ලොකුගේලා -නාමල්ලා දිවුරුම් දුන්නේ සූම් වලින් : ඔවුන් ආරක්ෂාව සලසාගෙන - වෛද්‍ය නලින්ද

"ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්‍ෂ වගේ ඇමතිවරු නව කැබිනට් තනතුරුවල දිවුරුම් දී තිබෙන්නේ සූම් තාක්‍ෂණයෙන්. ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් සියලු කටයුතු සිදු කර තිබෙනවා. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා, ජනාධිපතිවරයා අවදානමක් නොගෙන රටේ ජනතාවට කියන්නේ රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩට එන්න කියලා. කඩ විවෘතව තියන්න කියලා." යැයි යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එසේම, ද්විත්ව පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මේ රටේ සෞඛ්‍ය විශේෂඥයන් කියන මතයට ඇහුම්කන් දෙන්න කියලා. දිනපතා අපට අහිමි වෙමින් තිබෙන්නේ අපට බේරගන්න පුළුවන් ජීවිතයි. අද ඔක්සිජන් ඉල්ලලා රෝහල් තුළ හඬා වැටෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත. ඖෂධ නැතිව මිය යන්නේ අපේ රටේ ජීවිත. උද්දච්චකම් පැත්තකට දාලා සෞඛ්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව විද්‍යාත්මක වැඩපිළිවෙළක් යටතේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රමුඛතාවය දීලා මේ රෝගයට මුහුණ දීම සඳහා රට සූදානම් කළ යුතුයි. රෝගයේ බරපතළකම පිළිබඳව ජනතාවට අප යළි යළිත් අවධාරණය කරනවා." යයිද පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කර සිටියේ අද (19) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.

ජනතාව බේරාගන්නට ක්‍ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා !

කොවිඞ් වසංගතයේ වර්තමාන තත්වය අනුව එයින් ජනතාව බේරාගන්නට ක්‍ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා. අපිට ඇහෙන්න දකින්න ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව අප ඉන්නේ වසංගතයේ නරකම අදියරක ආරම්භයේයි. මේ තත්වය නොසලකා හැරීමෙන් රෝහල් ධාරිතාවය ඉක්මවමින් ආසාදිතයන් ඇතුළත් කිරීමට සිදුවී තිබෙනවා. රෝහල්ගත ආසාදිතයන් 45,000කට වැඩියෙන් අද(19) දහවල් වනවිට වාර්තා වෙනවා.

පළවෙනි රැල්ලේදී ඇමරිකාවෙත් ඉතාලියෙත් ඉන්දියාවේත් ඉන්දුනීසියාවෙත් මේ තත්වය මතුවුණා. ආසාධිතයන් දරාගත නොහැකි සෞඛ්‍ය පද්ධතිය අතිශය බරපතළයි. භෞතික පහසුකම්වලට වඩා ඒ කියන්නේ, දැඩි සත්කාර ඒකක, ඔක්සිජන්, වෙන්ටිලේටර් පමණක් නෙවෙයි රෝහල කාර්යමණ්ඩල පවා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් නැහැ. අනෙක් පැත්තෙන් රෝහල් කාර්යමණ්ඩලයත් ආසාදිතයන් බවට පත් වෙනවා. හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් අට දෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 28 දෙනෙක් ආසාදිතයන් වී තිබෙනවා. ඒ වෛද්‍යවරු අට දෙනාගෙන් හතර දෙනෙක්ම දැඩි සත්කාර ඒකකයේ වැඩ කරන අය. ඊයේ(18) වනවිට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 265ක් ආසාදිතයන් වී තිබෙනවා. හෙද හෙදියන් ආසාදිතයන් වීම නිසා සමහර වාට්ටුවල සේවා මුරය මාරු කිරීමට නොහැකි වී තිබෙනවා. 18වැනිදා වනවිට වෛද්‍යවරු 200 ඉක්මවා, හෙද හෙදියන් 4,000 ඉක්මවා අපේ රෝහල් පද්ධතියේ සේවය කරන අය ආසාධිතයන් වී ඇති බව දැන ගන්නට ලැබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 40කට ආසන්න ප්‍රමාණයක් සහ සෞඛ්‍ය කාර්ය සහායකයන් විශාල පිරිසක් ආසාදිතයන් වී තිබෙනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිත ගණනාවක් රටට අහිමිවෙලා !

මේ වනවිට සෞඛ්‍ය කාර්ය සහායකයින් සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිත ගණනාවක් රටට අහිමි වී තිබෙනවා. මේ තත්වයන්ගෙන් පෙන්නුම් කරන්නේ වැඩිවන රෝගීන් ප්‍රමාණයට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් නැහැ කියන එක. පසුගිය මැයි මාසය පමණ වනවිට ඉදිකර තිබුණු අතරමැදි නේවාසික කඳවුරුවලට යොදවන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිටියේ නැහැ. අද තත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගන්න බැරි මට්ටමට පත්වී තිබෙනවා. අනෙක් පැත්තෙන් වෛරසයේ විකෘති ප්‍රභේදයන් තුනක් දැනටමත් ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවී තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ වගේ වෙලාවකදී ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට ආණ්ඩුවක් නිවැරදි මොහොතේදී නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට කැමති ක්‍රියාමාර්ග ගනිමින් හේතු දක්වනවා. ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය වෛරසය මැඩලීමට අදාළ නිවැරදි විද්‍යාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතේදී ගන්නේ නැහැ.

යම් රෝගියෙකුට ආසාදනය වුණු මූලාශ්‍රය සොයා ගන්න බැරිනම් එය සමාජගතවීමක්. නමුත් ආණ්ඩුව මේ බව පිළිගන්න සූදානම් නැහැ. පසුගිය රැලිවලදී පෑලියගොඩ පොකුර, කිරිබත්ගොඩ පොකුර යනුවෙන් හඳුන්වා මූලාශ්‍රය දන්නා බව තහවුරු කරන්න උත්සාහ කළා. නමුත් මේ වනවිටත් ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය උත්සාහ කරන්නේ රෝගය සමාජගතවී නැති බව කියන්නයි. මේ තත්වය යටතේ ක්‍ෂණිකව විද්‍යානුකූලව රට වසා දැමීම හැර වෙනත් උත්තරයක් නැහැ.

නමුත් රට වසා නොදැමීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් යොදවා රෝගය සමාජගත නොවීම ගැන ප්‍රකාශ සිදුකරනවා. ඒ වෙනුවෙන් බොරු දත්ත ඉදිරිපත් කර තිබෙන ආකාරය විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන සියල්ල විසින් හෙළකර තිබෙනවා. අනෙක් පැත්තෙන් මේ වසංගතයේ ගැඹුර අවබෝධ කර ගැනීමට තිබෙන පී.සී.ආර්. හෝ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ අවශ්‍ය ප්‍රමාණයට සිදුකරන්නේ නැහැ. ජූලි 18 ඉඳලා අගොස්තු 16 දක්වා වැඩිම පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර තිබෙන්නේ අගෝස්තු 12 වැනිදා. පී.සී.ආර්. පරීක්‍ෂණ 20,362ක් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 7,098ක් සිදුකර තිබෙනවා. එක දිනකදී වැඩිපුරම කර තිබෙන්නේ 27,468යි. අනෙක් සියලුම දවස්වල මෙයින් 50%ක් ආසන්නයේ සිදුකර තිබෙනවා.

පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීම නවත්වලා ?

ඩෙල්ටා වැනි ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙද්දී ලක්‍ෂය ඉක්මවූ පරීක්‍ෂණ සිදු කළ යුතුයි. නමුත් ආණ්ඩුව දැනුවත්ව එය හිරකරගෙන ඉන්නවා. පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීම නවත්වා දමා තිබෙනවා. රෝගය පිළිබඳව නිවැරදි දත්ත ගෙන එන පරීක්‍ෂණ සීමා කර අනෙක් පැත්තෙන් ඒ පරීක්‍ෂණවලින් ලැබෙන ප්‍රතිඵලත් විකෘති කර ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව කොතරම් දුරට දත්ත සැඟවූවත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ මාධ්‍යවලට අපි ස්තුතිවන්ත වෙනවා.

ජූනි මාසයේ මැද ජනාධිපති කාර්යසාධක බලකාය සුවිශේෂී දෙයක් සිදුකර තිබුණා. ආසාධිතයන් 101ක් වාර්තා කළා කියලා වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාට දොස් නගා ඔහු කුමන්ත්‍රණයක් සිදුකළ බවට චෝදනා කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කර ජනාධිපතිවරයාට අවශ්‍ය අර්ථකතනයක් දුන්නා. මරණ වාර්තා වුණේ සෑම නිවසකටම බුද්ධි අංශ යවා නිවැරදි තොරතුරු ලබාගත් පසුව ඒ මරණ සංඛ්‍යාව හැට ගණනක් බව කියා තිබුණා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ම ප්‍රකාශ කර තිබුණා දත්ත වෙනස් කරන්නේ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් බව. ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කළ මේ චෝදනාවට අද වෙන තුරු පිළිතුරු ලබාදී නැහැ. ‘ආසාදියන් 28 දෙනෙකු හමුවුණාට රට වහන්න ඕනෑ’ නැහැ කියලා ඉන් නොනැවතී ‘මම තමයි හොඳටම කළේ’ කියන තැන දක්වාත් වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීම දක්වාත් සියලු සිදුවීම් ජනාධිපතිවරයාගේ වුවමනාව මත සිදු වූ බව තහවුරු වෙනවා.

ඔක්සිජන් මත තමන්ගේ ජීවිතය රඳා පවතින රෝගීන් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක - ක්‍ෂණිකව රට සති දෙකකට වහලා දාන්න : වෛද්‍යවරුන්ගේ සියලුම වෘත්තීය සමිති , හෙද වෘත්තීය සමිති, පී.එච්.අයි. වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති එක හඬින් ඉල්ලනවා !

මේ වනවිට වසංගතය පැතිරෙන වේගය සහ ඒ තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන වේගය නිසා ඔක්සිජන් මත තමන්ගේ ජීවිතය රඳා පවතින රෝගීන් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. මේ නිසා ක්‍ෂණිකව රට සති දෙකකට වහලා දාන්න ඉල්ලීම් කළා. මේ ඉල්ලීම නොකළේ කවුද? ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය, සති හතරකට පෙර ඉඳලා දිගින් දිගටම මේ ඉල්ලීම කළා. ඒ සංගමයට සාකච්ඡාවක් ලබාදෙන ලෙස දිගටම ඉල්ලා තිබුණා. නමුත් ඒ සාකච්ඡාවවත් ලබාදුන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ සියලුම වෘත්තීය සමිති එක හඩින් මේ ඉල්ලීම කළා. හෙද වෘත්තීය සමිති, පී.එච්.අයි. වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති මේ ඉල්ලීම කළා.

ඔවුන් කොවිඞ් ආසාදිතයන් එක්ක කටයුතු කරන අය නියෝජනය කරන වෘත්තීය සමිති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගෝස්තු 10වැනිදා වාර්තාවක් ඉදිරිපත් කරමින් ක්‍ෂණිකව රට වසා දමන්න ඉල්ලා සිටියා. එසේ නොකළහොත් ජනවාරි වනවිට මරණ 30,000ක් පමණ සිදුවන බව පුරෝකථනය කර තිබුණා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලිඛිතව කරන ලද ඉල්ලීමවත් ගණන් ගත්තේ නැහැ. ජනතාව ගැන අබමල් රේණුවක තරම් හෝ හැඟීමක් තිබෙන විපක්‍ෂයේ අය පමණක් නොව ආණ්ඩු පක්‍ෂයේ අය පවා මේ ඉල්ලීම දිගින් දිගටම සිදුකරනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමියගේ ඉල්ලීම් පැත්තකට දමා හිටපු සෞඛ්‍ය ඇමතිවරියට අමාත්‍යාංශය පවා අහිමි කළා. පසුගිය අඟහරුවාදා සූම් තාක්‍ෂණය ඔස්සේ රැස්වුණු කැබිනට් මණ්ඩලයේදී වාසුදේව නානායක්කාර, වීමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඇතුළු ඇමතිවරු ගණනාවක් මේ ඉල්ලීම සිදුකර තිබෙනවා. අද වෙනකොට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 10 නායකයන් සති තුනක් රට වහන්න කියලා ලිඛිතව ඉල්ලා තිබෙනවා.

ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්‍ෂ වගේ ඇමතිවරු නව කැබිනට් තනතුරුවල දිවුරුම් දී තිබෙන්නේ සූම් තාක්‍ෂණයෙන් : ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් සියලු කටයුතු සිදු කර තිබෙනවා !

මේ කිසිවක් කණකට නොගන්නා ජනාධිපතිවරයා ඔහුගේ කාර්ය මණඩලය සීමාකර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළත් වන සියලු දෙනා ඇන්ටිජන් පරීක්‍ෂණයකට ලක් කරලා ඇතුළත් කර ගන්නවා. ජනාධිපති ලේකම්වරයාත් කාර්ය මණ්ඩලය සීමා කර තිබෙනවා. ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්‍ෂ වගේ ඇමතිවරු නව කැබිනට් තනතුරුවල දිවුරුම් දී තිබෙන්නේ සූම් තාක්‍ෂණයෙන්. ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් සියලු කටයුතු සිදු කර තිබෙනවා. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා, ජනාධිපතිවරයා අවදානමක් නොගෙන රටේ ජනතාවට කියන්නේ රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩට එන්න කියලා. කඩ විවෘතව තියන්න කියලා. එපමණක් නෙවෙයි මේ සතියේ දින හතරක් රැස්වීමට තිබුණු පාර්ලිමේන්තුවත් එක් දිනකට සීමා කළා. මේ රාජපක්‍ෂ දෙබෑයන්ගේ දරු මල්ලන් සියල්ලන්ම ඉන්නේ ඇමරිකාවේ. මේ වසංගතය තීව්‍ර වෙනකොට ඔවුන්ට ඔවුන්ගේ මවුබිමට යන්න පුළුවන්.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එහෙ නතර කර කොන්ත්‍රාත් එකකට මෙහේ ඇවිත් ඉන්නවා. ඔවුන්ට මේ බිමත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ. ජනතාවගේ ජීවිත සිය ගණනක් අහිමි වුණත් ඔවුන්ට වගක් නැහැ. අපි බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට කියන්නේ මේ මියයන්නේ සැමියෙක්, බිරිඳක්, ඥාතියෙක් නැත්නම් දූපුතුන් හැටියට මේ රට ගොඩනගන්න මහන්සි වුණු මිනිස්සුන් බවයි. ද්විත්ව පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මේ රටේ සෞඛ්‍ය විශේෂඥයන් කියන මතයට ඇහුම්කන් දෙන්න කියලා. දිනපතා අපට අහිමි වෙමින් තිබෙන්නේ අපට බේරගන්න පුළුවන් ජීවිතයි. අද ඔක්සිජන් ඉල්ලලා රෝහල් තුළ හඬා වැටෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත. ඖෂධ නැතිව මිය යන්නේ අපේ රටේ ජීවිත.

උද්දච්චකම් පැත්තකට දාලා සෞඛ්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව විද්‍යාත්මක වැඩපිළිවෙළක් යටතේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රමුඛතාවය දීලා මේ රෝගයට මුහුණ දීම සඳහා රට සූදානම් කළ යුතුයි. රෝගයේ බරපතළකම පිළිබඳව ජනතාවට අප යළි යළිත් අවධාරණය කරනවා. එන්නත් ලබාගෙන තිබුණත්, සියලු සෞඛ්‍ය නිරෝධායන කටයුතු ඉෂ්ට කරන්න. ආණ්ඩුවට ඔබගේ ජීවිත වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් ජීවිත තිබෙන්නේ ඇමරිකාවේ. ඔවුන්ගේ ජීවිත ඇමරිකාවේ තියාගෙන ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන්, ඔබේ අම්මා තාත්තාගේ ජීවිත වෙනුවෙන් ඔවුන් තීරණ ගන්නේ නැහැ. ඒ නිසා ඔබ හැකි තරම් දුරට පරෙස්සම් වෙන්න.

සෞඛ්‍ය බලධාරිනි : ඉගෙනගත්දේට ගෞරවයක් දෙන්න !

ඒ වගේම මේ රටේ ජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා ඉහළට පැමිණි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, වසංගත රෝග ප්‍රධානී සහ සෞඛ අමාත්‍යාංශයේ ලේකම්වරයා යන තිදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඉගෙන ගත්ත දේට ගරුත්වයක් දෙන්න කියලා. ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට බොරු මතවාද පළ කරන යන්ත්‍ර බවට ඔබ පත්වෙන්න එපා. ඔවුන්ගේ කිළිටි වහන පිරුවට බවට පත්වෙන්න එපා. ඔබට ජනතාව වෙනුවෙන් වගකීමක් තියෙනවා. ඔබ අතට ලැබෙන නිවැරදි තොරතුරු ඔබ ජනතාවට කියන්න. ජනාධිපති ඉදිරියේ හෝ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරියේ ඔබ නිහඬව ඉන්න බව අපි දන්නවා. ඒ නිහඬ වීමෙන් ජනතාවගේ ජීවිත එකිනෙක අහිමි වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම බලධාරින් තිදෙනා ජනතාව ඉදිරියේ ඇත්ත කියන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කීවොත් ජනතාවගේ ජීවිත බේරුවාය කියන තෘප්තිය ඔබට ඉතිරි වේවි.

ආණ්ඩුව මොනවා කළත් තමන්ගේ යුතුකම ඉටුකරමින් ඉන්න සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් අපි ඉල්ලා සිටින්නේ ජනතාවට ඇත්ත කියන ලෙසයි. ඔබ සඳහන් කරන ඇත්ත වෙනුවෙන් මාධ්‍ය ඕනෑ තරම් විවෘත වේවි. එතැනදී ආයතන සංග්‍රහයට හෝ වෙනත් නීතිවලට වඩා ජනතාවගේ ජීවිත බලගතුයි. ජීවිත ගණනාවක් ආරක්‍ෂා කරන්න ඔබට පුළුවන්. ඇත්ත තොරතුරු එළියට දැමීමෙන් ජනතාව ස්වයංව සංචරණ සීමාවකට යනවා. ඒ වගේම බලධාරීන්ට ඇත්ත තොරතුරු මත මීට වඩා බල කරන්න පුළුවන්. අවසාන වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ දරු මුණුබුරන් මේ ලෝකයේ කොහේ ජීවත් වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබට තිබෙන වගකීම ඉටුකරන ලෙසයි. මේ මොහොතේදී සෞඛ්‍ය අංශ විසින් ඉල්ලා සිටින තීන්දුව ගන්න. ගත යුතු වෙලාවේදී තීරණය නොගෙන කෑලි කෑලි ගැනීමෙන් වැඩක් නැහැ. මේ මොහොතේදී ගත යුතු තීන්දුව අත්‍යාවශ්‍යයෙන්ම ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ආණ්ඩුවට බලකර සිටිනවා.

තවත් මරණ 186ක් : දිනක වැඩිම ගණන : 5000ක් නිවෙස්ගත ප්‍රතිකාරයේ !

තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද (19) නිවේදනය කර ඇත.

එම මරණ සම්බන්ධ තහවුරුව ඊයේ (18) දිනට අදාලවය.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණන වන අතර ඒ අතර කාන්තාවන් 75 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 111 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 147 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල ගොස් ඇත.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

5000ක් නිවෙස් ගතව ප්‍රතිකාරවල !

මේ අතර නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.

නිවෙස්වල නිරෝධායනයේ සිටින කොරෝනා ආසාදිතයින්ට, රෝගය උත්සන්න වුවහොත්, ඔවුන් රෝහල් කරා රැගෙන එන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

දකුණු පළාත, උතුරු පළාත, සබරගමුව යන පළාත්වල ද නිවෙස් නිරෝධායනය සඳහා කොරෝනා රෝගීන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

.

බදුල්ලේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවෙන් 42% ක් ජාතික දත්තවලින් හංගලා !

බදුල්ල දිස්ත්‍රික්කයේ කෝඩිව් රෝගීන් සංඛ්‍යාවේ රෝගීන් 6060 ක් වසංගත රෝග විද්‍යා අංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් විසින් අතුරුදන් කර ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඊට අදාළ නිවේදනයක් සහ දත්ත සටහන් දෙකක් ඔහු විසින් යොමුකර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් 14,373 ක් මේ වන විට මාර්තා වී ඇත. වසංගත රෝග විද්‍යා අංශයට අනුව රෝගීන් සංඛ්‍යාව 8313 කි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්තා සහ වසංග රෝග විද්‍යා අංශයේ දත්ත අතර පරතරය රෝගීන් 6060 කි. බදුල්ලේ රෝගීන් සංඛ්‍යාවන් 6060 ක් හෙවත් 42% ක් ජාතික දත්තවලින් අතුරුදන් කර ඇත.

ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව ලංකාවේ සෑම පලාතකම, සෑම දිස්ත්‍රික්කයකට කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව මෙලෙස අතුරුදන් කිරීමේ ප්‍රතිඑලය අතිශයින් විනාශකාරී වී ඇත.

රටට පමණක් නොව ලෝකයටම බොරුකාරයින් වී ඇති ශ්‍රී ලංකාව රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව සැඟවීමෙන් ලබන ජයග්‍රහණයක් නැත. අගෝස්තු 17 දින බදුල්ලෙන් රෝගීන් 398 ක් වාර්තා විය. වසංගත රෝග ඒකක දත්ත අනුව එය 10 කි. බදුල්ලේ සැබෑ රෝගීන් සංඛ්‍යාවෙන් ජාතික වාර්තාවලට අගෝ. 17 දින ඇතුලත් කර ඇත්තේ 1/40 (හතලිහෙන් පංගුවක්) පමණී. මොණරාගල රෝගීන් සංඛ්‍යාවෙන් ජාතික දත්තවලට ඇතුළත් කර ඇත්තේ 1/9 (නමයෙන් පංගුවකි) කි.

මෙවන් දත්ත විකෘති කිරීම තුලින් බදුල්ල දිස්ත්‍රික්කයට ලැබිය යුතු ප්‍රමාණවත් වෛද්‍ය පහසුකමක් මේ වන විට ලැබෙන්නේ නැත. බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව, බිඳුණුවැව, කහගොල්ල, හිඳගල ආදී සෑම මධ්‍යස්ථානයකම දැඩි තදබදයක් පවතී. ඉමහත් කැපවීමෙන් කටයුතු කරන වෛද්‍යවරුන්, සහකාර සේවා, හෙදියන්, කාර්මික ශිල්පීන්, සහාය සේවා නිලධාරීන් දැඩි පීඩාවට හා අසහනයකට පත්ව ඇත.

රෝගී සංඛ්‍යාව පිළිබඳ දත්ත විකෘති කිරීම තුලින් කෝවිඩ් වසංගතය තවදුරටත් අර්බුදයකට ලක්වීම නොවැලැක්විය හැකිය. බදුල්ල දිස්ත්‍රික්කයේ සැබෑ රෝගීන් සංඛ්‍යා මත පදනම්ව රෝහල් වෙත ඖෂධ, ඔක්සිජන්, කාර්ය මණ්ඩල සඳහා අතශ්‍යවශ්‍ය උපකරණ යොමු කිරීම සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිකුත් කළ දත්ත සහ වසංගත රෝග අංශය විසින් නිකුත් කළ දත්ත පිටපත් පහත දක්වා ඇත.

අගෝ 18 දත්ත

අගෝ 19

ටික දිනකින් ආසාදිතයන් මහමග මැරෙයි : සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය !

තවත් සති කිහිපයක් යන විට කොරෝනා ආසාදිතයන් මහමග මැරී වැටෙන තත්ත්වයට රට පත්වුණු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පවසන්නේ, ආණ්ඩුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ගණන් නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වනු ඇති බවය.

කොරෝනා වෛරසය ත්‍රස්තවාදයක් හෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හෝ සතුරු උපද‍්‍රවයක් නොවන නිසා හමුදාවට සියලු වගකීම් පැවරිය නොහැකි බවද ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ගත යුතු බවද ඔහු කියා සිටියේය.

රට පුරා සියලු රෝහල් මේ වන විට කොරෝනා ආසාදිතයින් පිරිහී යමින් ඇති බවත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට දරා ගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු පවසයි.

මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ රටම ටික කාලයකට වසා දැමීම බවත් දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා පැනවීම් ප‍්‍රයෝජනවත් නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Page 365 of 391