Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කළුතර ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ (Cath Lab) කටයුතු නවතා දමයි.

කළුතර ශික්ෂණ රෝහලේ මෙම හෘද කැතීටකරණ ඒකකය ස්ථාපනය කර රෝගීන්ගේ පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු ආරම්භ කළේ 2021 ඔක්තෝබර් මාසයේ දී ය.

එම යන්ත්‍රයේ වසර 3ක වගකීම් කාලය 2024 ඔක්තෝම්බර් මස 03 අවසන් වූ අතර මෙතෙක් එම යන්ත්‍රයේ සේවා ගිවිසුම් ගතවීම සිදුකර නොමැත.

සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත් වෙලා

මෙම හේතුවෙන් යන්ත්‍රයේ බිඳ වැටීම් සිදුවනඅවස්ථාවල දී යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ගිවිසුමේ නොමැති වුවත් ගෙවුණු වසර තුළ අවස්ථා කීපයක දී ම සේවා සිදුකිරීමෙන් අනතුරුව අදාළ සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත් වී ඇත. මේ වන විට යන්ත්‍රය බිඳ වැටී ඇතත් සේවා ගිවිසුම් නොමැති වීම හේතුවෙන් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදුවී නොමැත.

සාමාන්‍යයෙන් මෙම ඒකකය වසරකදී රෝගීන් 3000කට වැඩි ප්‍රමාණයකට පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කළ ද ගෙවුණු වසර තුළ ප්‍රතිකාර සිදු කර ඇත්තේ රෝගීන් 1000 ට ආසන්න ප්‍රමාණයක් පමණි. එසේ සිදු වූයේ යන්ත්‍රය බිඳ වැටුණු අවස්ථාවල දී නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දීර්ඝ කාලයන් ගතවීම හේතුවෙනි.

 පොරොත්තු ලේඛනය 2026 වසරේ ජුනි මාසය දක්වා දීර්ඝ යි

මේ වන විට එම රෝහලේ අන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණ සහ ස්ටෙන්ටින් ප්‍රතිකාර කටයුතු සඳහා පොරොත්තු ලේඛනය 2026 වසරේ ජුනි මාසය දක්වා දිගූ වී තිබේ. හෘද කැතීටරකරණ කරන ඒකකයක දී සාමාන්‍යයෙන් සිදු කරන්නේ: හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල පවතින අවහිරතා හඳුනාගැනීම, හෘද කපාටවල තිබෙන අවහිරතා හඳුනාා ගැනීම, සහ ඒවාට ප්‍රතිකාර සිදුකිරීම යනාදිය යි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කළ යුතු බව සංගමය අවධාරණය කරයි.

(චානක ධර්මවික්‍රම)
සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Cath Lab 1000