Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ප්‍රංශ තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  අතර හමුවක් අද (13) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සහකාර මෙහෙයුම් ප්‍රධානී මැතිව් ජෝන් (Matthiev JOHN) සහ මාධ්‍ය නිලධාරි දිනේෂා ඉලේපෙරුම  එක්ව සිටි අතර, ජනාධිපති අනුර දිසානායක  ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රංශ තානාපතිවරයා සිය ප්‍රශංසාව පළ කරන ලදී.

විශේෂයෙන්ම ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේ දී වඩාත් ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීම ගැන සිය සතුට පල කළ තානාපති රෙමී ලැම්බට්, මාලිමා ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රශංසාව පල කරන ලදී.

එමෙන්ම වංචා දූෂණ පිටු දැකීම සහ ජාතික සමගිය ඇති කිරීමට දැනට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තානාපතිවරයා සිය ප්‍රසාදය පල කරන ලදී.




මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, තානාපති රෙමී ලැම්බර්ට් හමුවේ ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දූෂණය පිටුදැකීම මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා ගෙවුණු කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ බවත් 2026 වසරේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙන්ම ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව කයටුතු කරමින් සිටින බවත්ය.

 




කාන්තා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමටත් සාගර සම්පත් සුරැකීම සහ කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට සූදානම් බවත් ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් එහි දී සඳහන් කරණ ලදී.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට සූදානම් බවත් ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේදී ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිමත් කිරීමටත් මෙම හමුවේ දී ඔහු පොරොන්දු විය.

ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රංශයට කිසිසේත්ම සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවද ඉදිරියේදී රාජ්‍ය නායකයින්ට ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද මෙහි දී ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට්  ආරාධනා කර තිබේ.

 

 

tilwin