බැසිල්ගේ මෙහෙයුම සාර්ථකයි : බිරිඳ පුෂ්පා ඇමරිකාවේ ගෙදර යයි !

බැසිල්ගේ මෙහෙයුම සාර්ථකයි : බිරිඳ  පුෂ්පා ඇමරිකාවේ ගෙදර යයි !

තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ පැවසීය.

පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද (09) මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

තමා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ තිබූ බලාපොරොත්තු දෙකම ඉෂ්ට වූ බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය .

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ , තමා ලංකාවට පැමිණියේ යහපාලන ආණ්ඩුවෙන් තමා දූෂිතයෙක් යැයි චෝදනා කරමින් ඉදිරිපත්කෙරුණු නඩුවලට පෙනී සිටීමටත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වීමට හේතුව තමා බවට චෝදනා එල්ලවීමත් නිවැරදි කිරීමට බවත්, පැවසීය .

එසේ නොමැතිව ඇමතිකම් දැරීමට තමාට අරමුණක් නොතිබුණු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

තමාට එරෙහිව තිබුණු අවසාන නඩුවත් ඉකුත් සතියේ අවසන්වූ බවත් මහින්ද රාජපක්ෂ ව ජයග්‍රාහණය කරවා ඉහළ තනතුරකට පත්කෙරුණු බවත් පැවසු බැසිල් රාජපක්ෂ, ඒ අනුව තමාගේ අරමුණු මේ වන විට ඉටුවී ඇති බවද සඳහන් කළේය.

බිරිඳ ඇමරිකාවේ ගෙදර යයි !

මේ අතර හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ ද අද අලුයම රටින් පිටව ගොස් තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද අලුයම එමිරේට්ස් ගුවන්සේවයේ යානාවකින් ඇය ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඇය ඩුබායි සිට ඇමරිකාව දක්වා පිටව යාමට නියමිත බවද වාර්තා වේ.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න