ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 36ක් පමණි.
මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් වාර්තා වෙයි .
අදාළ පනතට එරෙහිව විදුලි ඉංජිනේරු සංගමය අද වැඩවර්ජනයක් කැඳවා තිබූ නමුත් අධිකරණ නියෝගයක් හේතුව එය වැලකී ගියේය .
විදුලි ඉංජිනේරු සංගමය කැඳවා තිබූ මේ වර්ජනයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ බරපතළ විරෝධයක් එල්ලවී තිබීමත් සුවිශේෂී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
