2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

සැප්තැම්බර් 18 වන දින ගැසට් කරන ලද මෙම පනත් කෙටුම්පත ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා රජයේ වියදම් සඳහා අරමුදල් වෙන් කිරීම දක්වා ඇත. මෙය ජාතික ජනබල (NPP) රජය විසින් ඉදිරිපත් කරන දෙවන අයවැය වේ. පනත් කෙටුම්පතට අනුව, 2026 සඳහා වන මුළු රජයේ වියදම රුපියල් බිලියන 4,434 ක් ලෙස පුරෝකථනය කර ඇත.

මුදල් අමාත්‍යාංශයට විශාලතම වෙන් කිරීම ලැබීමට නියමිත අතර එය රුපියල් බිලියන 634 කි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 618 ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596 ක් ලැබෙනු ඇත.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 07 වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම හෙවත් අයවැය කථාව සිදු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව නොවැම්බර් මස 08 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා දින 06ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තීරණය කෙරුණි.

නොවැම්බර් මස 14 වනදා පස්වරු 06.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් මස 05 වනදා පස්වරු 06.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න