ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවදී කොමිෂන් සභාව ඒ බව පවසා ඇත.
ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡාවී තිබේ.
පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ බාහිර උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොළ තුළ ස්ථානගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවූ බවයි.
බාහිර උපාධිවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මෙන්ම එවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටද එහිදී සාකච්ඡා වී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, මෙම අනු කාරක සභාව පිහිටුවනු ලැබූ අතර උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අවශ්‍ය කරුණු සොයාබලා වාර්තා කිරීම එමගින් සිදුකෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
