ආණ්ඩුවේ හිත මිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න දීපු ව්‍යාපෘතියක් ගැන සජිත් ගෙන් අනාවරණයක්

ආණ්ඩුවේ හිත මිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න දීපු ව්‍යාපෘතියක් ගැන සජිත් ගෙන් අනාවරණයක්

මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන සංසදය සමග පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස...

විසඳුම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය ද...?

''මේ වන විට ජනතාව විකල්පයක් අපේක්ෂා කළත් එම විකල්පය නැතිව ජනතා අපේක්ෂා සුනුවිසුනු වෙලා. ක්ලින් ශ්‍රී ලංකා කියල වැඩපිළිවෙළකට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කර තිබෙන මොහොතක දුප්පත්කම වැඩි වෙලා. මේ වන විට රජයට දුප්පත්කම ගැන හරිහමන් අදහසක්වත් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා කියල තමන්ගෙ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්න අවස්ථාව දීලා. මේ වන විට රටේ මන්ද පෝෂණය වැඩි වෙලා; නිරක්තිය රක්ත හීනතාව පවා වැඩි වෙලා. මෙයට හේතුව දුප්පත්කම. මේ අයට ඇති එකම විසඳුම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් ඇති කිරීම පමණයි.

සියලු දේ කරන්නෙ පැළවත්තෙන් ද...?

සිවිල් ආරක්ෂක කමිටුවට, මරණාධාර සමිතියට, තරුණ සමිතිවලට පවා මේ අය බලපෑම් කරනවා. මේ සියලු දේ කරන්නේ පැළවත්තෙන් කියා හිරිකිතයක් නැතිව පිළිගත්තා. ජනතාවට පොරොන්දු වුණේ මේවා නෙවෙයි. රජය දැන් IMF එක සතුටු කරන්න කටයුතු කරනවා. IMF කොන්දේසි අභභවා රාජ්‍ය ආදායම පවා උත්පාදනය කළත් ජනතාවට සහන නැහැ. මෙහෙම සිද්ධ වෙන්නෙ බදු වැඩි කර වියදම් අඩු කිරීම නිසා. සංවර්ධන අරමුදල් කපා, බදු වැඩි කර, මුදල් එකතු කර, භාණ්ඩාගාරය පුරවා වැඩක් නැහැ. බදු වරුසාවක් ඇති කර වියදම් කපා බිලියන ගණන් ඉතිරි කිරීම වීර ක්‍රියාවක් නෙවෙයි.''



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න