කෙහෙළිය රඹුක්වැල්ල, පුත්‍රයා, දියණිය ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා

කෙහෙළිය රඹුක්වැල්ල, පුත්‍රයා, දියණිය ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (නොවැම්බර් 17 වැනිදා) අධිචෝදනා භාර දුන්නේ ය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේදී ය.

ඉන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම අධිචෝදනා භාර දීම සිදුකෙරිණි.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේ ය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කර සිටියේ ය.

 

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාර දෙනු ලැබිණි. අනතුරුව එම නඩුවට අදාළව ද ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.



විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කර සිටියේ ය.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 20 වන දා කැඳවීමට ද නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවාගෙන ඔවුන්ගේ වැටුප හා දීමනා ලබා ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර ඇත.



(බීබීසී සිංහල)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න