2025 නොවැම්බර් 13 දින ඊශ්‍රායලයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු වන කේ.කේ. තරිඳු ශානක, ගාල්ල කොණ්ඩගල, බටපොළ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකි.
2025 සැප්තැම්බර් මස දී ඊශ්‍රායලය වෙත පැමිණි ඔහු ඉදිකිරීම් සේවා සඳහා වඩු කාර්මිකයෙකු ලෙස සේවය කර තිබේ.
මියගිය තරිඳු ශානක සමග එකට සේවය කරන, එම සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබේ.
ඔවුන්ගේ තොරතුරු වලට අනුව එම නවාතැනේ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු පදිංචිව සිට ඇති අතර මරණයට පත්වූ තරිඳු ශානක හා ප්‍රශ්න කිරීමට රැගෙන ගිය තවත් පුද්ගලයෙකු එම නවාතැන ආසන්නයේ ඇති උද්‍යානයේ රාත්‍රී 11.00 පමණ වන තෙක් මත්පැන් පානය කර තිබේ.
එම පුද්ගලයා පවසන්නේ අනතුරුව තරිඳු ශානක මුත්‍රා කිරීම සඳහා අදාළ උද්‍යානයේ කොනකට ගමන් කළ පසු තවත් පුද්ගලයෙකු හා ගැටුමක් ඇති කර ගත් හඬ ඇසුණු නිසා තමන් කාමරයට පැමිණ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කැඳවාගෙන පැමිණෙන විට තරිඳු ශානකගේ ගෙළ කපා මරා දමා සිටින අයුරු දුටු බව යි.
මරණයට සැක පිට එක් පුද්ගලයෙකු මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
(බීබීසී සිංහල )

