2012 වසරේදී ග්රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 184ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ (10) දැනුම් දුන්නේය.


