සාමාන්‍ය ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් එපා යැයි පවසමින් බලය ලබාගත් මාලිමා කණ්ඩායම සහිත ආණ්ඩුවේ පාර්ලිමේන්තු ගණපූරණය නොමැති වීම බරපතළ ගැටලුවක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘//www.youtube.com/@ideasfront" නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
159 දෙනා අතුරෙන් අවම වශයෙන් 50ක් පමණක්වත් පාර්ලිමේන්තු සැසිවාර සඳහා නොපැමිණෙන්නේ නම් එබඳු පුද්ගලයින් රට වෙනුවෙන් කරන්නේ මොනවා දැයි විපුල මෙහි දී ප්‍රශ්න කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය දුප්පත්කම බවත්, ආණ්ඩුව එය අවබෝධ කර නොගෙන අනවශ්‍ය වැඩ කරමින් සිටින බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

