බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව සතුටු කරන නරුම පාවාදීමක් - විමල් වීරවංශ

බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව සතුටු කරන නරුම පාවාදීමක් - විමල් වීරවංශ

මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ වුවමනා ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.

ඔහු මෙලෙස ප්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ. නායක තමිල්සෙල්වන් බඳු ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සපයමින් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ නිලධාරියෙකු මෙසේ දඩයම් කිරීම හෙළා දකින බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු අන්තවාදීන් ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යහපාලන රජයේ ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේ සලේ බවත්, එදා එම තොරතුරු නොසලකා හැර අද අනතුරු ඇඟවූ පුද්ගලයා ම වැරදිකරු කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක යැයි ද විමල් වීරවංශ වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී විමල් වීරවංශ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.

මෙතැනින් බලන්න

 

wimal2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න