ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි - විපක්ෂ නායක

ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි - විපක්ෂ නායක

ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුදැයි අනාවරණය කළ යුතු බවත්, මේ මහමොළකරුවාට එරෙහිව ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේ දී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැවි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

බාල ගල්අඟුරු ගෙන්වීමේ කූට ව්‍යාපාරයක්

''අප රටේ ගල්අඟුරු ආනයන ක්ෂේත්‍රයේ බරපතළ අර්බුධයක් හා උග්‍ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතිනවා. මේ ටෙන්ඩරය හදිසි මිලදී ගැනීමක්. සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරන විට SPOT ටෙන්ඩරයක් (කෙටි කාලයක් තුළ කුඩා ප්‍රමාණයක් ගැනීම) හෝ TERM ටෙන්ඩර් එකක් (වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තුළ ලබා ගැනීම) හෝ මේ දෙකේම මිශ්‍රණයක් අනුව සිදු කරන නමුත් මේ අවස්ථාවේ දී මේ ක්‍රම දෙකෙහි මිශ්‍රණයක් අනුව නොයා හදීසි මිලදී ගැනීමක් ගල් අගුරු ටොන් ලක්ෂ තුනක් එනම් නැව් පහක් මිලදී ගැනීමට රජය කටයුතු කරනවා. අද වන විට ගල්අඟුරු ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ගැටලුවක් පවතිනවා. ගල්අඟුරු ගෙන ඒම, ප්‍රමාණය සහ ප්‍රමාදයේ ද ගැටලුවක් පවතිනවා. මේ ගැටලු නිර්මාණය වී ඇත්තේ ගල්අඟුරු මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක වූ අකාර්යක්ෂම අවිධිමත් අසාර්ථක ප්‍රසම්පාදන ක්‍රමවේදය යි. ගල්අඟුරු වංචාවක් තුළ බාල ගල්අඟුරු ගෙන්වීමේ කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.

විදුලි පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක්

එසේම වසරකට ගල් අගුරු නැව් 36ක් අප රටට අවශ්‍ය වී ඇති මොහොතක ගුණාත්මකභාවයෙන් ඉහළ රුසියානු නැව් 11ක් පමණයි අප රටට පැමිණ තිබෙන්නේ. තවත් නැව් 25ක් වෙනත් ටෙන්ඩරයක් හරහා ආනයනය කර තිබෙනවා. ඉන් ගෙන ආ 10න් 9ක්ම බාල ගල්අඟුරු යැයි ඔප්පු වී ඇති මොහොතක හදිසි මිලදී ගැනීමක් සිදු කරන්නේ අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට හා නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා. මේ හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසා බොහෝ දුරට රටට ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවනවා. ගල්අඟුරු නැවක් අප රටට පැමිණිමට දින 40ක් යන මොහොතක මේ ටෙන්ඩරය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් 20 සහ මැයි 15 අතර කාලයේ. මේ වාරකන් කාලය පවා රජය අමතර නැව් 5ක් ඇනවුම් කර ඇත්තේ මීට පෙර ගෙන්වූ ගල්අඟුරු බාල නිසා. එසේ රජය ගෙන් වූ ගල්අඟරු නැව් 9යෙන් මෙගාවොට් 300 නිපදවිය නොහැකි යි. මේ බාල ගල්අඟුරු නිසා මහා පරිමාණ වංචාවක් සිදුවෙලා තිබෙනවා. මේ වංචාව නිසා රටටත් ජනතාවටත් රජයටත් විශාල පාඩුවක් සිදුවෙනවා. මේ ගල්අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා අනාවරණය කළ යුතු යි. මේ ගල්අඟුරු වංචාව ගැන රටට සත්‍ය හෙළිදරව් කළ යුතු යි. රජය මේ මහමොළකරුවාට ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න