චීන–ශ්‍රී ලංකා සහයෝගිතාව වැඩිදියුණු කිරීමට පියවර

චීන–ශ්‍රී ලංකා සහයෝගිතාව වැඩිදියුණු කිරීමට පියවර

පාත්ෆයින්ඩර් පදනම සහ චීනයේ අනන්‍ය විද්වත් සංවිධාන සහ අධ්‍යාපනික ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා සැලැස්මක් අවධානයට ගැනේ.

පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ සහ චීන තානාපති ක්යු ෂැන්ග්හොංග් අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැති අතර මෙහි දී දෙරට අතර සහයෝගීතාව තවත් වැඩිදියුණු  කළ හැකි පැති පිළිබඳව සලකා බැලිණ. 

පදනම විසින් එළිදක්වන ලද  “ජාතික ආරක්ෂක උපාය මාර් ග – 2026 යෝජනා මාලාව” පිළිබඳව ද චීන තානාපතිවරයා වෙත මෙහි දී කරුණු දක්වා ඇත. පාත්ෆයින්ඩර් පදනම විසින් චීනයේ විද්වත් ආයතන සමඟ එක්ව මෙතෙක් පවත්වන ලද  වැඩසටහන් කිහිපයක් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ අතර ඉදිරියේ දී දෙරට අතර සහයෝගීතාව තවත් වටයකින් තර කරමින්  “චීන–ශ්‍රී ලංකා සමුද්‍ර සහයෝගිතා සංවාදය – 2026” මැයෙන් විශේෂ විද්වත් සැසිවාරයක් ලබන මැයි මාසයේ දෙවන සතියේ කොළඹ දී පැවැත්වීමට එකග වී ඇත. චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියා  අධ්‍යයන මධ්‍යස්ථානය සමග මෙම සැසිය සංවිධානය කෙරේ.

මෙම සාකච්ඡාවට චීන තානාපති  කාර්යාලයේ තුන්වන ලේකම් ජින් එන්සේ සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නඩ් ගුණතිලක  ද සහභාගී වූහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න