Image

චීනයේ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂයින් වෙත චීන ජනපති ගෙන් ඇගයුම්

චීනයේ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂයින් වෙත චීන ජනපති ගෙන් ඇගයුම්

චීනයේ උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවය චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණි.

චීන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇගයීමේ සම්මේලනය, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්ගේ සම්මේලනය සහ චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11 වන ජාතික නියෝජිත සම්මේලනයේ දී හෙතෙම සම්මානලාභීන් වෙත සම්මාන ප්‍රදානය කරමින් වැදගත් දේශනයක් ද සිදු කළේ ය.

15 වන පස්අවුරුදු සැලසුම් කාලය, විද්‍යා තාක්ෂණයෙන් රට බලගැන්වීමේ වැදගත් අදියරක් බව ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඓතිහාසික අවස්ථා ප්‍රයෝජනයට ගෙන නව යුගයේ අභියෝගවලට මුහුණ දෙමින් උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය ළඟා කර ගැනීම කඩිනම් කළ යුතු බවට ද ඔහු උපදෙස් දී ඇත.

වසර 2035 වන විට විද්‍යා තාක්ෂණික අංශයෙන් බලවත් රටක් ගොඩනැගීම පිළිබඳ ඉලක්කය කරා ස්ථිර ව ගමන් කරමින් විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයෙන් චීනයට ආවේණික නවීකරණය ප්‍රායෝගික ව ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

6a4ef2ddc6d00ca5a3e2ee8d

මෙම උත්සවයේ දී ෂී ජින්පිං, උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මානයට හිමිකම් කියූ චීන විද්‍යා ඇකඩමියේ භෞතික පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Chen Liquan සහ චීන ‍ඉලෙක්ට්‍රොනික් විද්‍යා තාක්ෂණ කණ්ඩායමේ 14වන පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Ben De වෙත සම්මාන පදක්කම් සහ සහතික පත්‍ර පිරිනමා ඔවුන්ට සුබ පැතීම ද විශේෂත්වයකි.

 

මූලාශ්‍ර - itnnews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න