Image

චෙන්නායි ගුවන්තොටුපොළේ නොසන්සුන්තාවක්: ගුවන් යානය ධාවනය වෙද්දී මගියෙකු හදිසි දොරෙන් පනී

චෙන්නායි ගුවන්තොටුපොළේ නොසන්සුන්තාවක්: ගුවන් යානය ධාවනය වෙද්දී මගියෙකු හදිසි දොරෙන් පනී

සාජා සිට පැමිණි එයාර් ඇරේබියා (Air Arabia) ගුවන් යානයක් ඊයේ (03) අලුයම චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වා ධාවන පථයේ ගමන් කරමින් තිබිය දී, එහි සිටි මගියෙකු හදිසි දොරටුව විවෘත කර ඉන් පිටතට පැනීමේ පුවතක් වාර්තා වේ.

ගුවන්තොටුපොළ බලධාරීන් පවසන පරිදි, මෙම සිදුවීම සිදුව ඇත්තේ යානය ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට පැමිණ ඉතා සෙමින් ගමන් කරමින් තිබූ අවස්ථාවකය. යානයෙන් පිටතට පැන ඇති මෙම පුද්ගලයා තමිල්නාඩුවේ පුදුක්කෝට්ටෙයි දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මගියා ගුවන් ගමන පුරා දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බවයි. ඔහු ගමන අතරතුර දෙවතාවක් වමනය කර ඇති බව ද ගුවන්තොටුපොළ නිලධාරීන් තහවුරු කර තිබේ. ඔහුගේ මෙම අසාමාන්‍ය හැසිරීමට අසනීප තත්ත්වය හේතු වන්නට ඇති බවට සැක කෙරේ.

මෙම සිදුවීම හේතුවෙන් ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට සුළු බාධාවක් එල්ල වුව ද, වාසනාවකට මෙන් යානයට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.

කෙසේ වෙතත්, ගුවන් සේවා ආරක්ෂක නීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සලකා බලධාරීන් මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ගුවන් ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීමට නියමිතය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න