Image

චීනයේ චොන්චින් නුවර නාය යෑමක්; අතුරුදන් අය සොයා කඩිනම් මෙහෙයුම්

චීනයේ චොන්චින් නුවර නාය යෑමක්; අතුරුදන් අය සොයා කඩිනම් මෙහෙයුම්

චීනයේ අග්නිදිග නගරයක් වන චොන්චින් හි අද (17) සිදු වූ දරුණු නාය යෑමකින් පුද්ගලයින් රැසක් අතුරුදන් වී තිබේ. බෑවුම් පෙදෙසක  ඉදි කර තිබූ  නේවාසික ගොඩනැගිලි රැසක් ද විනාශව පත්ව තිබේ. 

අද එරට වේලාවෙන් පෙ.ව.8.00ට පමණ ප්‍රාදේශීය කම්කරුවකු විසින් චොන්චින් හි  පෙඞ්ෂුයි (Pengshui) ප්‍රදේශයේ කඳු ප්‍රදේශයක් අවට ඇද වැටෙමින් විසිරී  පැවති ගල් කැබලි දැකීමත් සමග වහා හදසි අනතුරු ඇඟවීමේ  නිවේදන නිකුත් කෙරිණි. 

 

සුන්බුන් අතරින් පුද්ගලයින් නව දෙනකු පමණ නිරුප්‍රදිතව ඉවතට

6a59f7706e0623.80693045

බලධාරීහු, අවට පදිංචිකරුවන් 60ක් පමණ වෙත වහා ඉවත් වන ලෙස  දැනුම් දුන්හ.  අනතුරුව, උදෑසන 9.08ට පමණ එම ඉවත් කිරීම් ආරම්භව පැවති  අවස්ථාවේ නාය යෑම සිදු වූ බවත්,  පුද්ගලයින් රැසක්  ඊට යට වූ බවත්, එරට සීසීටීවී රූපවාහිනිය ප්‍රකාශ කළේ ය. නායට හසුවූ පුද්ගල ජීවිත සංඛ්‍යාව කෙතෙක් දැයි මෙතෙක් හඳුනා නැත. නායට යටව විනාශ ව ගිය ගොඩනැගිලි සුන්බුන් අතරින් පුද්ගලයින් නව දෙනකු පමණ නිරුප්‍රදිතව ඉවතට අද ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. නායට නිශ්චිත හේතුවද මෙතෙක් අනාවරණය නොවේ.

 

හානියට පත් නිවෙස් සහ ගොඩනැගිලි කොටස්  දසත විසිරේ

AP26198215921538 1200x800

කඳු පාමුලක ගංගා ධාරයක්  ආසන්නයේ වූ,  නේවාසික කලාපයක් මත පාෂාණ සහ වෙනත් අබලි ද්‍රව්‍ය පතිත වන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන මාධ්‍යයට නිකුත් කර ඇත. පසුබිමින් නැගෙන  ධූලි වලාවන්ට පිටුපා, මිනිසුන් පලා යන දර්ශන එහි දැක්වේ. කඳු පාමුල පිහිටි නිවාස සංකීර්ණයක් සහ ව්‍යාපාරික ස්ථානයක් මතට කඳු කොටසක් කඩා වැටෙන අයුරු දැක්වෙන මෝටර් රථයක ඩෑෂ් කැම් දර්ශන ද එක්ස් ගිණුමක  පළ කර ඇත. හානියට පත් නිවෙස් සහ ගොඩනැගිලි කොටස්  දසත විසිරී යන'යුරු සහ මාර්ගයේ ධාවනය වන මෝටර් රථ හදිසි අවස්ථාවන්ට බඳුන් වනු එහි දැක්වේ.

චීන හදිසි අවස්ථා කළමනාකරණ අමාත්‍යාංශය දෙවන තලයේ ප්‍රතිචාර ක්‍රියාන්විතයක්  ආරම්භ කර ඇත. ඒ අනුව, සහන සේවකයින් 100දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් එහි හදිසි විපත් ප්‍රතිචාර පිණිස කඩිනමින් පිටත් කර යවා ඇත. එම මුදා ගැනීම් මෙහෙයුම් වෙත ආධාර පිණිස, ගිනි භටයින් 206 දෙනෙක්,  සහ ගිනි නිවන රථ සහ ගිලන් රථ 49ක් ද එම ස්ථානය වෙත යොමු කර  ඇත. 

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න