Image

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරනු ලැබූ ගාස්තු අද (08) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අකිල ජයරත්න සඳහන් කළේ, රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ වැට් බදු (VAT) ඉහළ යාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. මේ අනුව දැනට ලබාගෙන ඇති ඇණවුම් සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම එළඹෙන මැයි මාසයේ සිට ලබාගන්නා නව ඇණවුම් සඳහා මෙම ගාස්තු 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන එම සංගමය, ව්‍යාපාරික ක්ෂේත්‍රය රැක ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව පවසයි.

කෙසේ වෙතත්, රජය මැදිහත් වී තම ගැටලු සඳහා සහනයක් ලබා දෙන්නේ නම්, මෙම ගාස්තු ඉහළ දැමීම නැවත සංශෝධනය කර මිල අඩු කිරීමට සූදානම් බවද සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න