එක්සත් ජනපදය ගෝලීය ඖෂධ මිල පිලිබඳ විශේෂ විමර්ශනයක් ඇරඹීමට සැරසේ. එක්සත් ජනපද ඖෂධ වෙළඳ හවුල් කරුවන් විසින් ඖෂධ මිල තීරණය කෙරෙන ආකාරය එහිදී විමර්ශනයට ලක් කෙරේ. ඒ මත නව බදු පැනවීම එහි අපේක්ෂාවයි.
එක්සත් ජනපද වෙළඳ හවුල්කරුවන් ඖෂධ සඳහා අඩු ගෙවීම් සිදු කරන්නේදැයි එහිදී පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. එරට 1974 වෙළඳ පනතේ 301 වගන්තිය ප්‍රකාරව එම විමර්ශනය සිදු කෙරේ.
වෙනත් දියුණු රටවලට සාපේක්ෂව නියමිත ඖෂද උදෙසා වැඩිම මිලක් ගෙවන්නේ එක්සත් ජනපද වැසියන් බව මෑතක කරන ලද සමීක්ෂණයකදී අනාවරණය විය. එම මිල අනෙකුත් සංවර්ධිත රටවලට සාපේක්ෂව තෙගුණයක මිල වැඩිවීමකි.
එක්සත් ජනපදය තුළ, ඖෂධ නිෂ්පාදනාගාර නොමැති වෙළඳ නාම යටතේ ආනයනිත ඖෂධ සහ පේටන්ට් බලපත්‍ර ලාභී ඖෂධ නිෂ්පාදන සඳහා, 100%ක බදු පනවන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් මස ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය තුළ පාරිභෝගික ඖෂධ මිළ පහත හෙලන ලෙස ඔහු ඖෂධ සමාගම් වෙත බල කර සිටී.
එක්සත් ජනපදය තුළ භාවිතයට අවසරලත් ඖෂධ මිල, අනෙකුත් රටවල එම ඖෂධ මිලට සාපේක්ෂව අඩු කළ හැකි ආකාරය විමසා, මෙම වසර මුල ජනපති ට්‍රම්ප්, එරට ප්‍රධාන පෙළ ඖෂධ සමාගම් 17ක ප්‍රධානීන් වෙත ලිපි යොමු කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/22/2025
Trump administration plans new probe into global drug pricing, FT reports